(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මහතා ගමන් ගත් වාහනය ඊයේ ( 20 ) සවස වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ දි අනතුරකට ලක් වී ඇතැයි පොලිසිය පවසයි.
අනුතරින් වාහනයට දැඩි හානි සිදුව ඇති අතර එහි රියදුරු ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මහතා වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ පක්ෂ ප්‍රවර්ධන කටයුතු වල නිරතව සිට ආපසු ආරච්චිකට්ටුව නිවස බලා ගමන් කරමින් තිබියදී වාහනය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථවේ මන්ත්‍රීවරයා සමග ඔහුගේ බිරිඳ සහ තවත් කිහිපදෙනෙකු රථයේ සිට ඇති නමුත් ඔවුන් කිසිවකුට අනතුරක් සිදුවී නැත.
ජීප් රථය අනතුරින් පැත්තකට ඇලවී මාර්ගයේ ඇදී ගොස් ඇති අතර රියදුරුට තුවාල සිදුව නැති බවත් නැතත් ඔහුගේ පපුවේ ඇතිවූ සිරවීමක් හේතුවෙන් පුත්තලම මුලික රෝහලට ඇතුළත් තළ බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.
COMMENTS
පව් අහිංසකයා මහජන සේවයටනේ ගිහින් තියෙන්නේ . ඉක්මනින් අලුත්ම අලුත් වාහනයක් අපේ බදු මුදල් වලින් අරගෙන දෙමු.
ඇත්තම ඇත්තයි, සත්තයි, මේ සමාජ සේවය අපේම බදු මුදලින් නම් කමක් නැහැ, හැම කෙනාගෙම දේපලත් අපේ බදු මුදලින් ලැබිලා තියෙන්නේ.
ශ්‍රී ලංකාවේ දිනකට සිදුවෙන රිය අනතුරු ගණන බැලුවාම මේක තවත් එකක් පමණයි! ඕක ඉතින් පින්තුර එක්ක දැමිය යුතු එතරම් වැදගත් ආරංචියක්ද? රියදුරා මොන තත්වයෙන්, මාර්ග නීති අනුගමනය කරමින් කුමන වේගයකින් එය ධාවනය කරාද කියන එක ඊට වඩා වැදගත් වෙනු ඇතැයි මා සිතමි!