(ඔගස්ටින් ප්‍රනාන්දු)
පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අබේසේකර වලිමුනි මෙන්ඩිස් ශාන්ත සිසිර අබේසේකර මහතාට එරෙහිව නඩුව ජනවාරි 17 සහ පෙරවාරි 6 යන දිනයන් හි විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරු වයි.ප්‍රනාන්දු මෙනෙවිය නියෝග කළාය.
හලාවත මහාධිකරණය හමුවේ අද (20) නඩුව කැඳවූ අවස්ථාවේ දී පැමිණිලි පාර්ශවය සාක්කි ඉදිරිපත් කිරිමට සුදානමින් නොසිටි බැවින් මෙදිනට නඩුව යළි විභාගයට ගැනීමට විනිසුරුවරිය නියම කළාය.
2004 වසරේ මැයි මස 30 වන දින හෝ ඊට ආසන්න දිනයක දි අයුතු ජන රාශියක සාමාජිකත්වය දරමින් නීතිවිරෝධීව ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත ඔහුට එරෙහිව චෝදනා නඟා තිබිණි.
මෙම නඩුව මෙදින විභාගයට ගත් අවස්තාවේ දි සැකකාර මන්ත්‍රිවරයා සම්බන්ධව සකස් කර තිබු පෙර වැරදි වාර්තාවක් ද අධිකරය හමුවට ඉදිරිපත් කෙරිණි.
ජනාධිපති අධිනීතිඥ අනුර මැද්දේගොඩ මහතා නිතිඥ නිහාල් සුමනධීර නීතිඥ සුමුදු ජයමාන්න යන මහත්වරුන් හා නිතිඥ නිශාදි කන්නන්ගර මහත්මිය යන නිතිඥ මණ්ඩලයේ සහයෙන් සැකකාර පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනිසිටියේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.