(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාද මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර ඔහු විෂයයන් තුනෙන් දෙකක් පමණක් සමත්ව තිබේ.
දේශපාලන විද්‍යාව හා සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය යන විෂයයන්ට සාමාන්‍ය සාමාර්ථ ලබාගෙන ඇති මන්ත්‍රීවරයා ක්‍රිස්තියානි ධර්මය විෂය අසමත්ව ඇත.
ඔහු ඉංග්‍රීසි භාෂාව සඳහා විශිෂ්ට සාමාර්ථයක් ද, පොදු පරීක්ෂණය සඳහා ලකුණු 50 ක්ද ලබාගෙන තිබේ.
මන්ත්‍රීවරයා සිය ප්‍රතිඵල සටහන සිය මුහුණු පොතෙහිද පළ කර තිබිණි.

COMMENTS
හොරට ලියලා විභාග පාස් වෙන ඔලමොට්ටල දේශපාලුවන්ට මොහු ආදර්ශයක්. ඔබගේ උත්සාහය අගය කළ යුතූයි.
මම ඔය දේශපාලකයින් ගණන් ගන්නේ නැහැ. නමුත් ලැජ්ජාවක් කියලා නොහිතා මේ වයසේ විභාගයට මුහුණ දුන්, දේශපාලන බලය පෙන්නා සමත් නොවූ, අසමත් වීම හංගන්නේ නැතුව පෙන්නපු රන්ජන් සිරාවටම හොඳයි...
දැනුයී නළුබට්ටාගේ මොලේ තරම අපට තේරුනේ... පාර්ලිමේන්තුවේ දශක කාලයක් ගත කෙරුවත්, දේශපාලන විද්‍යාවට ඇත්තේ "සාමාන්‍ය සාමාර්ථයක්". උපතින් ක්‍රිස්තියානුවෙක් වුවත්, "ක්‍රිස්තියානු ධර්මය" විභාගයේදී අසමත්... අනික් විෂයත් "සාමාන්‍ය සාමාර්ථයක්" පමණයි.
ඉඳල හිටලා පාට් දැම්මට රංජන් අනික් අය වගේ නොවේ.. අවංකයි කියලා මට වෙලාවකට හිතෙනවා.
හොර උප්පැන්න සහතික, හොර පාස්පෝර්ට්, හොර ජාතික හැඳුනුම්පත් ආදී මෙකී නොකී කප්පරක් හොර වංචා සහතික පත්, වෙනස්කරන ලද නිල ලිපි ලේඛන ආදිය අපේ රටේ කොතෙකුත් සංක්‍රමණය වුණත්, අනෙකුත් පාඨකයින්ටත් ඉඩ සලසාදීම සඳහා ලැයිස්තුව කෙටි කරමි... මේ අනුව රංජා ඔහු ලද විභාග ප්‍රතිඵල ජාත්‍යන්තර ප්‍රජාවගේ දැනගැනීම සඳහා මෙසේ පළකිරීම ගැන මාගේ බලවත් සතුට මින් ප්‍රකාශකර සිටිමි. කෙසේ වුණත් ඔබගේ මව් ආගම අසමත්වීම ගැන මාගේ එතරම් සතුටක් නැත. මොකද වුනේ?
විභාග සමත් වෙන්න හොඳට පාඩම් කරන්න ඕනේ..
වැඩ දෙකෙන් Law කරන්න පුලුවන්ද?.
ඉගෙන ගැනීමට වයසක් නැහැ. අපි මැරෙනකම්ම ඉගෙන ගන්නවා.
ඔබේ දේශපාලන ගති පැවතුම්වලට කොපමණ බලු බැනුම් බැන්නත් මේ අධ්‍යාපනික කටයුත්තේදී ඔබලත් ජයග්‍රහණයට සහ උත්සාහයට අවංකම සුබ පතමි. තව දුරටත් දිගටම අධ්‍යාපනය කරගෙන යාමට සහ එයින් ජය ලැබීමට ලැබේවා...!!! මෙය අන් අයටත් ආදර්ශයක් වේවා...!!!
සුබ පැතුම්...!!!
ඔහුගේ උත්සාහය අගය කළ යුතුයි. ඔහුගේ නම කොහොමද රාමනායක වුනේ? දැක්කා නේද තමන්ගේ ආගම දන්නේ නැති කෙනෙක් කොහොමද තවත් ආගමකට ගෞරව කරන්නේ? ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් අනුව තමයි කට සෙලවෙන්නේ.. දැන්වත් ජෝකර්ලාව පාර්ලිමේන්තු නොයවා ඉඳිමු.
රන්ජන් ඔබට මගේ සුබපැතුම්...!!
තමන්ගේ ආගමත් ෆේල් කෙනෙක් පහුගිය කාලේ භික්ෂූන්ට අපහාස කළා නේද? හැසිරෙන විදිය පේනවා නේද? සාමාන්‍ය දැනීමේ තරමත් පේනවා. පාසල්වල වැඩ 3ම ෆේල් අයටත් සාමාන්‍ය දැනීමට ලකුණු 70-80 ගන්න පුළුවන්.
කතා කරන්නේ නම් බුද්ධාගම ගැන, එ්ත් තමන්ගේ ආගමත් ෆේල්. අනේ කාලේ වනේ වාසේ.
ඉගෙනගන්න වයසක් නැත. වටිනාකම දැනුම ලබාගැනීම මිස විභාග සමත්වීම නොවේ. උත්සාහයට ආසිරි...
සීතල කාමරය තුළ තනිවම ලැප්ටොප් තියාගෙන ලියනවට වඩා මේක හොඳ ආදර්ශයක්.
මේක මිනිස්සුන්ට වැඩක් ඇති දෙයක්ද?
දරුවෙක් වයස 17-18 උසස්පෙළ විභාගය සමත්වන එකයි රංජන් සමත්වෙන එකයි රටට ලොකු වෙනසක් තියෙනවා. බුද්ධිමත් කියලා උගත්කම මනින්න ඕනේ 17-18 දරුවව එම වයසේදී විභාගයට මුහුණ දෙන විදිහටයි.
රාමනායක කියල කෑල්ලක් නමේ නෑ නේද?
අනුන්ගේ ආගම විවේචනය කරන මිනිස්සු තමන්ගේ ආගම ඉගෙන ගත්තා නම් නරකද? උත්සාහය අගය කළ යුතූයි.
සුබපැතුම් රන්ජා !!! කොච්චිකඩේ අපි !!!
තමුන් අදහන ආගම පාස් කරගන්න බැරිව තව බුද්ධ දර්ශනය ගැන දේශනා දෙන්න එනවා. ඉස්සෙල්ලා අදහන ආගම හොඳට ඉගෙන ගන්න. විශ්වයටත් එහා ගිය උතුම් බුද්ධ දේශනාව විවේචනය කරන්නේ නැතුව...
නැවතත් උත්සාහ කරන්න..
ඔබේ උත්සාහයට මගේ කෘතවේදය පිරිනමන අතර තව ටිකක් මහන්සිවෙලා නැවත විභාගයට පෙනී සිටින්න. ඔබට බැරිකමක් නැත. කැපවීම පමණයි අවශ්‍ය වන්නේ.
මේක රන්ජගේ රිසල්ට් එකද? අන්දරේගේද? නම කෝ රාමනායක...!!!?
අනික් ඒවා ෆේල් වුණාට කමක් නැහැ. තමුන්ගේ ආගම ෆේල් වෙන එක ගැන තමයි හොඳ මදි...
මේවා නිව්ස්ද? අනේ අපේ රටට ගිය කලක්...
තමුන්ගේ ආගම පාස් වෙන්න බැරි නම් මොකක්ද ඇති වැඩේ?
බුද්ධ ධර්මය ගැන කතා කරන මොහු තමාගේ ආගමත් අසමත්...
අර දරුවන්ගේ ප්‍රතිඵල දකින විට මේක විකාරයක් මල්ලි...
රන්ජා විභාග ලියන්න ඕනේ නෑ. ඔය ප්‍රතිඵල ඇඟේම තියෙනවා. ආගමක් ධර්මයක් නෑ. මිනිසුන්ට අපහාස කරනවා. බොරුබේගල් ඇදබානවා. තමන් පොර කියලා අලි ඔලුව... දේශපාලනේ කළාට මෙලෝදැනීමක් නෑ. රටට කරපු අබමල් රේණුවක වැඩක් නෑ. සීනිබෝල කතා, සුරංගනා කතා විතරයි. මෙලෝ රහක් නෑ. සන්නිවේදනය අන්තිමයි. වාචාල කටෙන් ඔහේ කුණු කාණුවේ ගලන කුණු වතුර වගේ නින්දා අපහාස කුණු මඩ දෝරෙ ගලනවා විතරයි. මේ ටික තේරුම් ගන්න ඔලුවක් නැති කෙනා විභාග පාස් වෙන්නේ කොහොමද? ඒ වගේ මොලයක් තියාගෙන රටට සේවය කරන්නේ කොහොමද?
මේවත් දාන්න ඕනේ දේවල්ද?
එලොවටත් නැති, මෙලොවටත් නැති නිකම්ම නිකං මිනිස්සු... එයාගෙ ප්‍රතිඵල අපිට නිවුස්ද?
මේ ආණ්ඩුව රන්ජන්ව ෆේල් කරලා... ප්‍රතිඵල හදලා ෆේල් වෙන විදියට...
බොහොම හොඳයි අල්පොන්සුගේ උත්සාහය...