(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගැනීම සඳහා පක්ෂ මාරු කිරීමට මුදල් සහ කැබිනට් අමාත්‍ය ධූර අල්ලස් ලෙස දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (12) කොළඹ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉහත සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට සාක්ෂි ලබාගැනීම සඳහා රංගෙ බණ්ඩාර මහතා කොමිසම හමුවට පැමිණ තිබිණි.
විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ, මුජුබුරු රහුමාන්, චමින්ද විජේසිරි, හේෂා විතානගේ යන මහත්වරු ද පාලිත රංගෙ බණ්ඩාර මහතා සමඟ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණ සිටියහ.
ඡායාරූප - ගයාන් අමරසේකර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ නීතියේ ආධිපත්‍ය තිබේ නම් බොරු කියා ජනතාව මුලා කිරීමේ වරදට මොහුව රිමාන්ඩ් කළයුතුයි. මෙයාට මිලියන 500ක් දෙනවා කිව්වේ, වෙන කවුරුවත් නෙමෙයි, මෙයාගේ ගෝලයයි.
අල්ලස් ගැන විතරද? සියයට දහයේ කොමිස් ඉල්ලුවට විමර්ශන නැද්ද? ලංකාවේ විදුලි දුම්රිය ව්‍යපෘතියෙන් සියයට දහයේ කොමිස් ඉල්ලපු කෙනෙකුත් ඔතැන ඉන්න නිසයි ඇහුවේ...
දැක්කේ නැහැ ගොට්ටන් මේවාගේ... වසුරු වුනත් ගිල දමනවා රනිලාගේ.. ලිව්වත් ෆුට්නොට් ලොක්කව බේරන්නේ.. දැන් දැන් තේරෙනවා අපි මී හරකුන්නේ...
අයියෝ ඕක සුළු දෙයක්නේ මේ හාදයා කෝටි 100ක් ඉල්ලුව කියන එකනේ තියෙන්නේ... සත 100ක් වත් ඔයවගේ ගොයියෝ ඕනේ නැහැ කීව නිසා මෙයා අල්ලස් කොමිසමට ආවා කියන්න. මේ වගේ හාදයොත් එක්ක යන්න. ඒ වගේම ගොයියොත් ඉන්නවනේ... එජාපයින්ටම හොඳ බඩු... කෝටි 50 දීලම ගන්න වටිනා බඩු... දැන් එල්ලෙන්න වැල් නැතිව දඟලනවා.
ජනාධිපතිවරයාත් කීවා නේද? "වැඩේ කරගන්න බැරි වුනේ සමහර මන්ත්‍රීවරුන් ඉල්ලපු ගාන සැර වැඩි වුණු නිසා" කියලා? එතුමාගෙනුත් ඒ ගැන අහලා බලන්නයි තියෙන්නේ...
මේ වගේ අය මුදල් යන එකට ගෙවලා යන්න ඕනි. අවුරුදු 3ට මොනාද කලේ.?
බොරුවට කාලේ කනවා, වැඩ වැරදුනාම ලකුණු දාගන්න මොනවා හරි කරන්නත් ඕනේ නේද?