(සුජිත් හේවාජුලිගේ )
මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින ඇමැතිවරුන් 17 දෙනෙකුට ඒ ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත් වන ලෙසට පාර්ලිමේන්තු ප්‍රධානීන් සිහිකැඳවීමක් පසුගිය සතියේදී කර ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මාදිවෙල මන්ත්‍රී නිවාසවල කැබිනට් ඇමැතිවරුන් තිදෙනකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 14 දෙනකු පදිංචිව සිටින බවට මෑතකදී කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවූ බවයි.
මින් බොහෝදෙනකු මන්ත්‍රී නිල නිවාසවල පදිංචිව සිටින්නේ ඇමැති නිල නිවාසද ලබා ගෙන සිටියදී බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මන්ත්‍රීවරුන්ගේ නිවාසවල ඇමැතිවරුන් මෙලෙස පදිංචිව සිටීම නිසා මන්ත්‍රීවරුන්ට නිවාස ලබා දීමේදී බරපතළ ගැටලුවකට මුහුණ දීමට සිදුවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මේ අතර සමිට් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන සිටින ඇමැතිවරුන්ගේ ලැයිස්තුවක් එවන ලෙස රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතත් කාලයක් තිස්සේ එය ලබාදීම අතපසු කර ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු එළි, මොනවද ඔය ප්‍රලාප...? මේ ඔක්කොම ගජ මිතුරන්.. මේ අයට, ඕවායෑ ලගින්න දීලා නැති එවුන්ට අපේ සල්ලිවලින් කුලියට ගෙවල් අරන් දෙයි.
ඇත්තෝ කති, බොති... නැත්තෝ ලෙවකති... කියන එක මුල්ලකට දාලා පලකරන්න නම් ගම්... හැමදේටම වැයවෙන්නේ මහජන මුදල් මිසක් හොරකම් කළ මුදල් නොවේ. කවුරු හරි රටට පොඩ්ඩක් හෝ ඇල්මක් තියෙන කෙනෙක් ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී කියන්න. උත්තරය ප්‍රසිද්ධ මාධ්‍යවල පලකරන්න.
ඇයි නම් සඳහන් කරන්න බයද?
මේ ඉතින් පරණ හොරුනේ. මේ අයගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්න. අඩු ගානේ මන්ත්‍රී නිල නිවාස බලාපොරොත්තුවෙන් සිටින මන්ත්‍රීවරුන්වත් මේ වැඩේට මුල්වෙන්න රජයේ නිලධාරීන් ඒ වැඩේ මග හරිනවා නම්...