අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනා ඇප මත මුදා හැරීමට වවුනියාව මහේස්ත්‍රාත් අද (18) නියෝග කළේය.
රිය අනතුරක් පිළිබඳව තොරතුරු වසන් කිරිම හා එම රිය අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක පලා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මොවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිට නියම කර තිබිණි.
COMMENTS
පුදුම ඇප ක්‍රමයක් තියෙන්නේ දේශපාලනේට සම්බන්ද අයට?
ලංකාවේ වෙච්ච ලොකුම ලොකු අපරාධ ටික පට පට ගාලා අල්ලනවා මේ දවස් ටිකේ .අපි මාර සන්තෝෂයෙන් ඉන්නේ ඒකට. අම්මපා...
නිතිය වල පල්ලට යනවා
මේක හරිම අසාධාරණයිනේ.. කොහොමද මේ අයට මෙහෙම ඇප ලැබෙන්නේ...? නිකම් මනුස්සයෙක් කළා නම් ඇතුලටම දාලා වහනවා.. පහුගිය කාලෙම මේ දේශපාලුවන් හිරේට දැම්ම ගමන් එක්කෝ අසනීප වෙනවා..!!! ඊට පස්සේ බන්ධනාගාර ඉස්පිරිතාලෙට යනවා.. එහෙම නැත්නම් දවස් එකකින් නැත්නම් වරුවකින් උන් එළියේ..!!! මේ ක්‍රමය නැති කරන්න ඕනේ.. මොකද ඒ අය කියලා අමුතු අයද..? අපි වගේම මිනිස්සු ...!!! නීතිය කාටත් සාධාරණ වෙන්න ඕනේ..!!!
මේ සිද්ධිය වුනේ 2011 කියලා ලිපියක තිබුණා. නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිව මේ තරම් කල් පොල් ගෑවද?