(ඩයනා උදයංගනී)
ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 17 දෙනෙකු වෙත දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිධූර ලබාදීම අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අද (27) සිදුකෙරිණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් වෙත මෙම පත්වීම් ලිපි පිරිනැමීම සිදුවිය.
|
කොළඹ දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති |
ආචාර්ය විජයදාස රාජපක්ෂ
|
|
ගම්පහ දස්ති‍්‍රක්ක සම්බන්ධීකාරක කමිටුවේ සභාපති |
සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ
|
|
කළුතර දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති |
පියල් නිශාන්ත
|
|
මහනුවර දිස්ති‍්‍රක්ක සම්බන්ධීකාරක කමිටුවේ සභාපති |
ආචාර්ය සරත් අමුණුගම
|
|
මාතලේ දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති |
ලක්ෂ්මන් වසන්ත පෙරේරා
|
|
මොණරාගල දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති |
සුමේධා ජී. ජයසේන
|
|
නුවරඑළිය දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති |
මුත්තු සිවලිංගම්
|
|
ගාල්ල දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති |
චන්දිම වීරක්කොඩි
|
|
මාතර දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති |
නිරෝෂන් පේ‍්‍රමරත්න
|
|
යාපනය දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති |
අංගජන් රාමනාදන්
|
|
මන්නාරම දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටු සභාපති |
කාදර් මස්තාන්
|
|
මඩකලපුව දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති |
එස්.වියලේන්ද්‍රන්
|
|
අම්පාර දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති |
ශ‍්‍රියාණි විජේවික‍්‍රම
|
|
අනුරාධපුර දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති |
වීරකුමාර දිසානායක
|
|
බදුල්ල දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති |
තේනුක විදානගමගේ
|
|
කෑගල්ල දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති |
සාරතී දුෂ්මන්ත මිත‍්‍රපාල
|
|
රත්නපුර දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති |
දුනේෂ් ගන්කන්ද
|
යන මහත්ම මහත්මීහු මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා අතින් පත්වීම් ලිපි ලබාගත්හ.





COMMENTS
සුදර්ශනී පුුනාන්දුපුල්ලේ මැතිණිය නම් ඕකත් නොගත්තා නම් වටින්නේ ජෙයරාජ් මහත්මයා නැතිවුණු දවසේ ඉඳලාම කෙරුවේ අසාධාරණකම්ම තමයි. කොහෙවත් නැති මැටි මෝල්ලුන්ට පට්ටම් දෙනවා. හදයි රට ඔය විදිහට...
බලාගෙන ගියාම මෙතන රට බේරාගන්න කතාවට යටින් තිබිලා තියෙන්නේ පෙරේතකම නිසා ඇති වුනු තනතුරු බෙදා ගැනීමේ ප්‍රශ්නයක්...
මිනිස්සු මෙතරම් මෝඩයි කියලා. පිටරට වැසියන් දන්නේ මේ ඡන්දයෙන් පසුවයි. මිනීමරු, හොරු දූෂිතයින් රටේ අගමැති, ජනපති, අසරණ මිනිසුන්ට අකුණුසැර වදිනවා. ඇයි මේ වගේ අයට වඳින්නේ නැත්තේ...? ලංකාවේ අධිකරණ වල තියෙන්නේ , නායකයින්ට වැරදි කරන්න පුළුවන්, වැසියන්ට බැරි නීතියක්... කියන්නේ බෞද්ධ කියලා අරබි රටවලවත් මෙවැනි දේවල් සිදුවෙන්නේ නැහැ.
අපි නම් බෙදා ගත්තා.
අම්මේ.. හැන්දක් අරන් ඇවිත් බෙදාගනිල්ලා කිව්වාම සවලක් අරන් ඇවිත් බෙදා ගන්නවා. අර කලින් දීපු ඇමති තනතුරු 54න් 16ක්ම අඩු කරන්න තිබ්බා. මම ලිස්ට් එක වෙන තැනක දැම්මා. ආයේ ලියන්න කම්මැලියි. මේ මෙතන තියෙන සභාපති තනතුරු වලට වැටුපුත් ගෙවනවද? මේ තනතුරු අතරින් සහ අර කලින් දුන්නු ඇමති, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමති තනතුරු වලින්, කලින් වහල් ආණ්ඩුවේ තනතුරු දරපු අයට නොදී ඉන්න තිබ්බා. අවුරුදු 5ක් තිස්සේ කට්ට කාගෙන නඩු හබ වලටත් වියදම් කරගෙන ඒකාබද්ධ විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දෙනඑක වෙනම කාරණාවක්. නමුත් වහල් ආණ්ඩුවේ ඇමතිකම් කර කර ඉඳල ඡන්දෙ කිට්ටුව මේ පැත්තට පැනපු ශ්‍රීලනිප සහ යූඑන්පී මන්ත්‍රීලාට ඇමති හෝ වෙනත් තනතුරු දීපු එක වැරදියි. ඇයි මොකෝ වුනේ ශ්‍රී ලංකා කාරයෝ blackmail කළාද? භාරකාර ආණ්ඩුවක් අරන් මෙහෙම නම් ඡන්දෙන් ආණ්ඩුවක් ආවොත් එහෙම ලිස්ට් එක 100 පනියි. මොකක්ද ජනතාවට කරන්න තියෙන්නේ? වහල් ආණ්ඩුවේ ඇමතිකම් කරපු සියලු දෙනා පාර්ලිමේන්තුවට එන එක නවත්තනවා හැර වෙන විකල්පයක් නැත. ඔන්න වේලාසනම කියන්නේ. මේ ගොල්ලෝ ඡන්දෙට දැම්මොත් එහෙම දිනන සීට් ගාන අඩුවෙයි. ඇත්තමයි ලංකාවට අලුත් දේශපාලන පක්ෂයක් අවශ්‍යමයි.
මේ අයටත් පඩි ගෙවනවද?
ඕකට ගෙවීමකුත් කරනවද? ඇමති කෙනෙකුට ගෙවන ප්‍රමාණයෙන් කීයෙන් පංගුවක්ද?
ඕගොල්ලෝ කොමෙන්ට් දදා ඉන්න. මහා රජා ආවත් ඕක තමයි වෙන්නේ..
කටු කෑලි විසිකරනකොට ඇඟේ වැදිලා තුවාලත් වුණාද දන්නේ නෑ. ඒත් හිනා මුහුණු පිරිලා. දකින්නත් ආසයි. අර සත්තු වුණත් කට්ටකින් දමලා ගැහුවාම සන්තෝසයෙන් ඒක අහුලාගෙන යනවා මිසක් ගොරවන්නේ නැහැනේ.
මේකෙන් කියන්නේ මේ අයව ඊළඟ ඡන්දෙන් පාර්ලිමේන්තුවට එවන්න එපා කියන එක..
තනතුරු නැතත් හදලා හරි දෙනවා..
දැන් හරි වෙනසක් පේනවා නේද?
හරි වැරදි - හොද නොහොද මොහොතකට අමතක කරමු. නමුත් හැමදාම පත්වීම්. ඉවරයක් නැත. ඊට පසු නැකත් බැලීම්. ඊටත් පසු වැඩ බාර ගැනීම්. ටික දවසකින් නත්තල් නිවාඩු. වර්ෂ අවසාන නිවාඩු. වැඩ පටන් ගන්නේ කවදාද?