
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් අක්‍රියවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු අද (3) පස්වරුවේ එහි විනාඩි විස්සකට ආසන්න කාලයක් සිරවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
විදුලි සෝපානයේ මෙසේ සිරවී ඇත්තේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල යන මහත්වරුන්ය.
රටටම විදුලිය විසන්ධි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සැපයුමද අක්‍රිය වී ගිය අතර විදුලි සෝපානය අක්‍රිය වී ඇතැයි පැවසෙන්නේ මේ අවස්ථාවේදීය.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා සහ එල්ලාවල මන්ත්‍රීවරයා විදුලි සෝපානයේ විනාඩි විස්සකට ආසන්න කාලයක් සිරවී දැඩි අපහසුතාවයකට හා බරපතළ ජීවිත අවදානමකට මුහුණ දුන් බවයි.
මේ අවස්ථාවේදී තමා විදුලි සෝපානයේ දුරකතනයෙන් අදාළ අංශවලට දැනුම් දුන් අවස්ථාවේදී ඔවුන් විනාඩි පහකින් එහි පැමිණෙන බව දැනුම් දුන්නද දොර විවෘත කිරීමට විනාඩි විස්සකට ආසන්න කාලයක් ගතවුණු බවද ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ ගැන තොරතුරු වාර්තාවී ඇති හෙයින් තමා ඒ සම්බන්ධයෙන් සොයා බලන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඳුම් හෝදන්නත් වුණාද?
226 ම සෝපානවල හිරකර ගන්න තිබුණා නම් කොච්චර දෙයක්ද?
ෂා.., දෙන්නද හිර වුණේ? එළියට ගත්තද? සිකුරාදා වගේ හිරවෙලා තිබ්බා නම් කොහොමද සැප..?
පාර්ලිමේන්තුවේ තට්ටු කීයක් තියෙනවද?
පාර්ලිමේන්තුවේ තිබෙන විදුලි සෝපානත් මෙහෙම අක්‍රිය වෙනවා නම්, ඒවා බලන්න කෙනෙක් නැත්නම් මේ උන්දැලා රට ගැන බලන්නේ කොහොමද හිතාගන්නකෝ...?
ඕකේ ප්‍රවෘත්තිය වටිනාකම කුමක්ද...?
තව පොඩ්ඩෙන් ... වටිනාම ජීවිත 2ක්...
ඇතිවූ අපහසුතාවයට වන්දියක් ඉල්ලනවාද? සෝපානය සෝදන්න ගිය වියදම එයින් අඩුකරලා ගන්න...
අපරාදේ හුස්ම හිරවෙලා මැරුනේ නැහැනේ...!!!
සෑහෙන්න කාබනික පොහොර එකතුවෙලා තියෙන්න ඇති බේරා ගන්නකොට ?