IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මන්ත්‍රීවරු දෙකක් මැතිසබයේ සෝපානයේ හිර වෙති

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් අක්‍රියවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු අද (3) පස්වරුවේ එහි විනාඩි විස්සකට ආසන්න කාලයක් සිරවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

විදුලි සෝපානයේ මෙසේ සිරවී ඇත්තේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල යන මහත්වරුන්ය.

රටටම විදුලිය විසන්ධි වූ අවස්ථාවේදී  පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සැපයුමද අක්‍රිය වී ගිය අතර  විදුලි සෝපානය අක්‍රිය වී ඇතැයි පැවසෙන්නේ  මේ අවස්ථාවේදීය.

මේ සම්බන්ධයෙන් අප   පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  තමා සහ එල්ලාවල මන්ත්‍රීවරයා  විදුලි සෝපානයේ විනාඩි විස්සකට ආසන්න කාලයක් සිරවී  දැඩි අපහසුතාවයකට හා බරපතළ ජීවිත අවදානමකට  මුහුණ දුන් බවයි.

මේ අවස්ථාවේදී  තමා  විදුලි සෝපානයේ   දුරකතනයෙන් අදාළ අංශවලට  දැනුම් දුන්  අවස්ථාවේදී ඔවුන් විනාඩි පහකින් එහි පැමිණෙන බව දැනුම් දුන්නද  දොර විවෘත කිරීමට  විනාඩි විස්සකට ආසන්න කාලයක්  ගතවුණු බවද  ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  මේ ගැන  තොරතුරු  වාර්තාවී ඇති හෙයින්  තමා ඒ සම්බන්ධයෙන්  සොයා බලන බවයි.



අදහස් (11)

මන්ත්‍රීවරු දෙකක් මැතිසබයේ සෝපානයේ හිර වෙති

chandima Friday, 03 December 2021 11:50 PM

ඇඳුම් හෝදන්නත් වුණාද?

:       0       1

RaveendraSaturday, 04 December 2021 04:30 PM

අපරාදේ... මී හරකුන් 226කින් අඩුතරමින් මිහරකුන් දෙදෙනෙකුවත් වියදම් රටට ඉතිරි කරගන්න තිබුණු අනගි අවස්ථාවක් ගිලිහි ගිහින්...

:       0       6

පැරකුම් Saturday, 04 December 2021 12:56 AM

226 ම සෝපානවල හිරකර ගන්න තිබුණා නම් කොච්චර දෙයක්ද?

:       0       8

Rohan Saturday, 04 December 2021 01:24 AM

ෂා.., දෙන්නද හිර වුණේ? එළියට ගත්තද? සිකුරාදා වගේ හිරවෙලා තිබ්බා නම් කොහොමද සැප..?

:       0       5

Prabha Saturday, 04 December 2021 03:00 AM

පාර්ලිමේන්තුවේ තට්ටු කීයක් තියෙනවද?

:       0       3

අප්පුහාමි Saturday, 04 December 2021 05:35 AM

පාර්ලිමේන්තුවේ තිබෙන විදුලි සෝපානත් මෙහෙම අක්‍රිය වෙනවා නම්, ඒවා බලන්න කෙනෙක් නැත්නම් මේ උන්දැලා රට ගැන බලන්නේ කොහොමද හිතාගන්නකෝ...?

:       0       3

නිමල් Saturday, 04 December 2021 07:22 AM

ඕකේ ප්‍රවෘත්තිය වටිනාකම කුමක්ද...?

:       0       6

Sk Saturday, 04 December 2021 08:24 AM

තව පොඩ්ඩෙන් ... වටිනාම ජීවිත 2ක්...

:       1       2

Jagath nisantha Saturday, 04 December 2021 08:24 AM

ඇතිවූ අපහසුතාවයට වන්දියක් ඉල්ලනවාද? සෝපානය සෝදන්න ගිය වියදම එයින් අඩුකරලා ගන්න...

:       0       4

Bamunuarachchi Saturday, 04 December 2021 08:48 AM

අපරාදේ හුස්ම හිරවෙලා මැරුනේ නැහැනේ...!!!

:       1       6

Chandima Monday, 06 December 2021 12:56 AM

සෑහෙන්න කාබනික පොහොර එකතුවෙලා තියෙන්න ඇති බේරා ගන්නකොට ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29059 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18215 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11374 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 704 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 212 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 862 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site