ඩයනා උදයංගනී
පසුගිය 2018 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 13 දෙනකුම පාර්ලිමේන්තුවේදී අදහස් ප‍්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.
මන්ත‍්‍රී ඩොට් එල්. කේ (Manthri.lk) නැමති වෙබ් අඩවිය මගින් සිදුකළ විශ්ලේෂණයක්දී මේ බව තහවුරු වී තිබේ.
මෙම මන්ත‍්‍රීවරුන්ගෙන් 12 දෙනෙකුම ඒක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර ඒක් මන්තී‍්‍රවරයෙක් ඒක්සත් ජාතික පක්ෂය නියෝජනය කරයි.
ඒ අනුව ඒක්සත් ජනතා නිදහස් සන්ධානයේ සරත් අමුණුගම, ඉන්දික බණ්ඩාරනායක, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, අංගජන් රාමනාදන්, ලොහාන් රත්වත්තේ, සිරිපාල ගම්ලත්, ජනක බණ්ඩාර, ආරුමුගන් තොණ්ඩමන්, තේනුක විදානගමගේ සහ දුලිප් විජේසේකර යන මන්ත‍්‍රීවරුන් මෙන්ම ඒක්සත් ජාතික පක්ෂයේ වසන්ත සේනානායක මහතාද 2018 වසරේදී පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වා නොමැත.
2018 වසරේදී පාර්ලිමේන්තු දින 77ක් පවත්වා ඇති අතර ඉහත සඳහන් කළ මන්ත‍්‍රීවරුන්ගෙන් 7 දෙනෙකුම පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ එයින් දින 30කට අඩු සංඛ්‍යාවකදී පමණි.
ඒ අතරින් ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ දින 16ක් පමණි.
පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා හැන්සාඞ් දත්ත මත පදනම්ව මෙම විශ්ලේෂණය සිදුකර තිබේ.
COMMENTS
මෙවන් අයට බදු ගෙවන අහිංසක පුරවැසියන් වන අප විසින් අපටම මඩුවලිගෙන් තලාගත යුතුය. මෙය මොවුන් මහජනතාවගේ වරප්‍රසාද උල්ලංඝනය කළා නොවේද? එබැවින් මහජනතාවගේ වරප්‍රසාද උල්ලංගනය කිරීමේ වරද මෙම අයව පන්නා දැමිය යුතුමය.
මේ අය ගියත් වැඩක් නැ
අදහස් තියෙන්න ඕනිනේ ප්‍රකාශ කරන්න? අනික ඔතෙනට එන්න පොරකන හැමෝම කතා කරන්න අදහසකින් එන කට්ටිය නොවෙයිනේ!!
කතා නොකරපු අයගෙන් කීදෙනෙක් අට පාස්ද?
මිනිසුන් තමන් දන්නා දේවල් පමණක් කතා කරන්නට පටන් ගතහොත් මිනිත්තු කීපයක් ඇතුලත ලෝකය නිශ්ශබ්දතාවයෙන් පිරී යාවි යනුවෙන් කියමනක් තියෙනවා. ඒ කියමනට අනුගත වෙමින් කට වහගෙන සිටි මේ මන්ත්‍රීන්ට මගේ ගෞරවය!
වීණා වැයුවට වැඩක් නැ කියලා හිතෙන්න ඇති
පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන්නවත් කට ඇරලා නැද්ද?
ගල්ඉබ්බෝ කියන්නේ ගල් ඉබ්බන්ටම තමා . උන්ගේ සමාජයේ උන්ගේ භාෂාවෙන් අදහස් හුවමාරු කරගත්තත් අපට ඇසෙන්නේත් නැහැ තේරෙන්නෙත් නැහැ . එහෙම උන් මැතිසබේට යැව්වාම එතන වෙන්නෙත් ඒ ටිකම තමා. ඉතින් ශත පහකට වැඩක් නැති ගල්ඉබ්බන් එතනට යැව්වේ අපිම නේද ? අප කළවරදට අපි අපටම මඩු වලිගයෙන් තලාගෙන , පාට කන්නාඩි තුලින් නොබලා, හිසේ සිට දෙපතුලට පාට පාට තවරා නොගෙන , ගල් ඉබ්බන්ගේ මඩ සෝදන්න යන්නේ නැතිව , සිහි බුද්ධියෙන් ඉදිරියේදී අපේ වටිනා ඡන්දයේ බලය පෙන්වමු. නම් ටික ප්‍රසිද්ධ කර ජනතාව දැනුවත් කළ ආයතනවලට තුති පුද කරමු. වසන්ත සේනානායක, වසන්ත පෙරේරා ගැන ද සිතා බැලිය යුතුය. අපරාදේ අපේ සල්ලි. දවස් 16 ට ලක්ෂ කීයක් පඩි අරගෙන ඇත්ද ? කොච්චර හම්බ කරගෙන ඇත්ද ? මොවුන් වෙනුවෙන් කහින , කඩේ යන අමනයින් කොතරම් මේ රටේ ඇත්ද ?