(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා  අලුතින් වාහන ගෙවන්නේ නැතැයි තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි .

මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට  කැබිනට් අනුමැතිය ලබාදී නැතැයිද ඔහු සඳහන් කරයි.

අදාළ අංශ ණයවර ලිපි   විවෘත කළේ ගිලන් රථ ඇතුළු අනෙකුත් වාහන ගෙන්වීම  සඳහා යැයි කී  අලුත්ගමගේ මහතා කැබිනට් අනුමැතියට පැමිණි වහා මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම නැවැත්වූ බවද ප්‍රකාශ කරයි.

කොරෝනා පාලනයවූ කාලයේදී මන්ත්‍රීවරුන් දෙසීය විසි පස් දෙනාට වාහන ගෙන්වීමට  කටයුතු කරන්නැයි  විවිධ පාර්ශවවලින් කතානායකවරයාට ඉල්ලීම් ලැබුණු බවත් ඊට පසු  එම වැඩපිළිවෙල   ක්‍රියාත්මක වෙමින් කැබිනට් මණ්ඩලයට පැමිණි අවස්ථාවේදී අප එය නැවැත්වූ බවත් මහින්දානන්ද අලුත්ගමගේ අනාවරණය කළේය.

අලුත්ගමගේ මහතා මෙසේද කීය.

"කවුරුත් මේ වෙලාවේ විසිල්  ගහන්න බල්ටි ගහන අවශ්‍ය නැහැ.මම වගකීමෙන් කියනවා.මන්ත්‍රීවරුන්ට  වාහන ගෙන්වන්නේ නැහැ. හරියට මෙයාලා අද මේ  කතා කරන්නේ  හාබර් එකට  ජිප් ටික  ඇවිල්ල තියෙන ගාණටයි .තව ජීප් ටික ජපානයෙන් දාලත් නැහැ  .ජීප් ටික හදලත් නැහැ .ඒ නිසා කලබල වෙන්න එපා ."