(මොහොමඩ් ආසික්)
පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ අද (11) පැවැති මහ සභා රැස්වීමේදී මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව සහ දුරකථන දීමනාව රුපියල් 500 න් බැගින් වැඩිකිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 16 න් සම්මත විය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය නරන උප සභාපති ඒ.එල්.එම්.රසාන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී දිල්ශාන් රූපසිංහ යන මහත්වරුන් මෙම යෝජනාවට විරුද්ධවීම නිසා මේ සඳහා ඡන්දය විමසීමට සභාපති අනුර ප්‍රනාන්දු මහතාට සිදුවිය.
පැවැත්වූ ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ජන්ද 18 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද දෙකක් ලැබිණ.
ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන සහ දුරකථන දීමනාව සම්බන්ධ යෝජනාව වැඩි ඡන්ද 16කින් සම්මත විය.

COMMENTS
ඇත්තටම මොවුන්ට ආත්ම ගෞරවයක් කියල එකක් තියෙනවද? මිනිස්සුන්ට පුළුවන් තරම් දඩ ගහලා සූරන් කාලා ඔවුන්ගේ මඩි තර කර ගන්නේ... ආයෙමත් මොවුන්ට ඡන්දෙ දෙන්නද බලන් ඉන්නේ? දැන් ඉතින් ඉතුරු ප්‍රාදේශීය සභාවල ඉන්න අයටත් ගායක් හැදෙනවා කීයක් හරි සාක්කුවේ දාගන්න.. අන්තිමට අපි ගෙවන බදුවලට මොනවද වෙන්නේ කියලා මතක තියා ගන්න මහා ජනතාව.. ප්ලීස්...
‘‘ගරු‘‘ ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රීන් දුරකථන දීමනා වැඩිකරගෙන වගේ...
අනේ අපේ බදු සල්ලි නේද මේ...?
හෙන හතම ගහන්න ඕනෑ..
වැඩි කර ගත්තා කියමු. ඔය වැඩිපුර යන අවුරුද්දට හොයන්න ක්‍රමයකුත් සම්මත කරගත්තොත් තමයි හරි... විරුද්ධ වෙන එකද, පක්ෂ වෙන එකද රිපොර්ට් කරන එකද නෙවේ..
හැන්ද අතේ තියෙන අය ඇතිතරම් බෙදා ගනී. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...
කෝ මේ දේශප්‍රේමියෝ... ඇඳ යටද?