IMG-LOGO

මාන්කුලම් රෝහල් භූමියෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

(ප‍්‍රදීප් කුමාර)

මුලතිව් මාන්කුලම් රෝහල් භූමියෙන් මිනිස් අස්ථි කොටස් කීපයක් හමුවීමත් සමඟ එම ස්ථානයේ කැනීම් සිදු කරන ලෙස මුලතිව් මහේස්ත‍්‍රාත් එස් ලෙනින්කුමාර් මහතා විසින් අද (12) පොලීසියට නියෝග කර තිබේ.

මාන්කුලම් රෝහලේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කැනීම් සිදුකළ අවස්ථාවේ යකඩ මතුවීමෙන් එම ස්ථානයේ බෝම්බ ඇති බවට සැක පළ වී ඇත.

ඒ අනුව බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායමක් රෝහල් භූමියට කැඳවා සිදු කළ පරීක්ෂණයක දී එම ස්ථානයෙන් හමුවී ඇත්තේ මිනිස් අස්ථි කොටස් කීපයකී.

ඒ අනුව ඒ පිළිබඳව මාන්කුලම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ අස්ථි කොටස් නිරීක්ෂණය කර වාර්තාව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මිනිස් අස්ථි කොටස් හා භූමිය පරීක්ෂා කිරීම සඳහා මහේස්ත‍්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ තිබේ

ඒ අනුව මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝග මත පොලීසිය එම ස්ථානය ආරක්ෂිත ස්ථානයක් බවට පත් කර එහි කැනීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය මුලික පියවර ගෙන තිබේ

 



අදහස් (0)

මාන්කුලම් රෝහල් භූමියෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 188 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 694 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1095 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site