(සිතුම් චතුරංග)
මුලතිව්, මාන්කුලම රෝහලේ නව වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේදී එම භූමියේ තිබී සොයාගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් කිලිනොච්චිය අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව ලැබෙනතෙක් කැණීම් නවතා ඇති බව මාන්කුලම පොලිසිය පවසයි.
අදාළ ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහුගේ නියෝග මත ඊයේ (13) අංශ කිහිපයක් කැණීම් කළ අතර එහිදී තවත් අස්ථි කොටස් කිහිපයක් හමුවූ බව පොලිසිය සඳහන් කළේය.
එහි සිරුරු කොපමණකින් අස්ථි හමුවූවාද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් පොලිසිය කියයි.
අදාළ ස්ථානයේ කැණීම්වලදී දිරාගිය ඇඳුම් කොටස්, යකඩ කැබලි කිහිපයක් හා පතරොම් සොයාගත් බව පැවසීය.
මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත කිලිනොච්චිය අධිකරණ වෛද්‍ය නිලධාරී, බෝම්බ නිශ්ක්‍රීය අංශ, පුරාවිද්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහභාගීත්වයෙන් මෙම කැනීම් කරනු ලැබීය.
හමුවූ අස්ථිකොටස් හා ඇඳුම් සම්බන්ධයෙන් කිලිනොච්චිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ අනුව ඉදිරි කැණීම් කටයුතු සිදුකරනවාද නොකරනවාද යන්න තීරණය කරන බවත් අදාල ස්ථානයේ ආරක්ෂාව තරකොට ඇති බවද මාන්කුලම පොලිසිය වැඩිදුරටත් පැවසීය.
මුලතිව් මාන්කුලම රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් සකස් කිරීමට බිම සකස් කිරීමේදී අදාළ ස්ථානයේ තිබි අස්ථි කොටස් කිහිපයක් පසුගිය 11 වැනිදා පළමුවරට මතුවී තිබිණ.
මාන්කුලම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත තොටගොඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාන්කුලම් රෝහලේ කැණීම් තාවකාලිකව නවතයි