IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මධුෂ්ගේ තවත් ගෝලයෝ දෙදෙනෙක් සීඅයිඩීය බාරයට

( නිමන්ති රණසිංහ  සහ ටී.කේ.ජී.කපිල )
 
පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ්ගේ   ඩුබායිහි  පැවැත්වූ සාදයකට සහභාගී  වී සිටියදී   අත්අඩංගුවට ගත් පාතාලයට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනකු  අද (02)  උදෑසන කටුනායක ගුවන්තොටුපොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
බුඩායි පොලීසිය මගින් අත්අඩංගුවට ගත්  මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් නැමැත්තෙක් හා   වීරසිංහ  ලංකා සජිත් පෙරේරා නම් දෙදෙනා ඊයේ රාත්‍රීයේදී එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි පසු මෙලෙස  රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
අනතුරුව ඔවුන්  ගුවන්තොටුපොල  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බාරයට ගෙන  ඇත.
 
මොවුන් දෙදෙනා  අද  අලුයම 4.50 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
 
ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය බුද්ධි තොරතුරු සේවයේ නිලධාරීන්ට වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී තිබේ.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මේ වන විට ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් අරඹා තිබේ.
 
 



අදහස් (5)

මධුෂ්ගේ තවත් ගෝලයෝ දෙදෙනෙක් සීඅයිඩීය බාරයට

smn Tuesday, 02 April 2019 05:17 AM

ඔබ දෙපළ ලංකාවට සාදරයෙන් පිළිගනීමු….! ඩුබායිවලින් බේරිල ආපු එක ලොකු දෙයක්...දැන් ඉතින් ඇතුළට වෙලා නොමිලේ කකා බිබී යහතින් ජාවාරමත් කරගෙන චිරාත් කාලයකට යහමින් ජීවත් වන්නට පුළුවන්….වියහියදම් අපි දරා ගන්නම්…මෙයාට , බදු ගෙවන්නන්

:       0       101

පිටිගල මිලානෝ Tuesday, 02 April 2019 06:15 AM

අත්අඩංගුවට ගත්තේ රේගු නිලධාරීන්ලු. අපරාදෙනේ කතා කරලා බේරෙන්න තිබුනනේ. ගුවන්තොටුපොළේ ඉන්න රාළහාමිලා නිදිද?

:       0       34

Jay.chandra Tuesday, 02 April 2019 06:43 AM

කරණකර ඉවර කරන්න. එය ලෝකයට කරන සේවාවක්.

:       0       12

Leslie Tuesday, 02 April 2019 08:06 AM

දැන් ආරක්ෂාව මැදම වැඩේ හොදට කරගෙන යන්න පුළුවන්..

:       0       18

parakkrama Tuesday, 02 April 2019 08:38 AM

දැන් භය වෙන්න කාරී නෑ ආයුබෝවන්ඩ ; මකර කටින් බේරිලා ආපු එකේ දැන් ලොකු ලොක්කන්ගේ සපෝට් එකෙන් වඩාත් සංවිධානාත්මකව දිගටම ව්‍යාපාරේ කරගෙන යෙහෙන් වැජඹෙන්න පුළුවන් . දැන් අල්ලන බලවත් ජනාධිපති නීතිඥතුමා අතේ තමයි වැඩ කිඩ තියෙන්නේ.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site