සිරකරුවකු පැන ගිය අවස්ථාවේ අධිකරණ භූමිය ජායාරූප ගත කිරීමේ සිද්ධියට අදාළව මාධ්‍යවේදිනී රේඛා තරංගනී ෆොන්සේකා මහත්මියට එරෙහි නඩුවේ පැමිණිලි පාර්ශවයට සිතාසි නිකුත් කරන ලෙසත් නොවැම්බර් 26 වැනි දා නඩුව විභාගයට ගන්නා ලෙසත් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් ආර්.බී.එච්.ඩී ආර් වැලිගොඩපිටිය මහතා නියෝග කළේය.
එවකට අධිකරණ රෙජිස්ට්‍රාර් සිරියාවතී ෆොන්සේකා මහත්මිය නිකුත් කළ බව කියන ආඥාවට අකීකරු වී මාධ්‍යවේදිනිය අධිකරණය ඡායාරූප ගත කිරිම හේතුවෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 185 වගන්තිය යටතේ රේඛා මහත්මියට එරෙහි චෝදනා ගොනු කරන බව මොරටුව පොලිසියේ පොලිස් කොස්තාපල් (77406) අමිල අධිකරණයට දැනුම් දුන්නේය.
සියලු කරුණු සළකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
විජය පුවත්පත් සමාගම නියෝජනය කරමින් විත්තිය වෙනුවෙන් නීතිඥ කල්ප තුෂාරක පෙරේරා මහතා පෙනී සිටි අතර චෝදනා පත්‍රයේ සඳහන් කරන පරිදි මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්කි නොමැති බව අධිකරණයට දැන්වීය.
සිය වෘතිය රාමුව තුළ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.
මෙම ඡායාරූප ලබා ගත් කැමරාවක් හෝ එය පුවත්පතේ පල කළ පසුබිමක් හෝ නඩුවේ නොමැති බව අධිකරණයට පෙන්වා දුන් කල්ප මහතා මාධ්‍යවේදිනිය විසින් වරදක් සිදුකළේ යැයි හැගී ගියේ නම් සිදුවීම වු දිනම ඡායාරූප ලබාගත් බව කියන කැමරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු භාණඩයක් ලෙස එය අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබූ බවද අධිකරණය හමුවේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාධ්‍යවේදිනියට එරෙහි නඩුව නොවැ. 26 විභාගයට