IMG-LOGO

මාධ්‍යවේදීන්ට අධිකරණයේ දොරටු වැසේ

(නිමන්ති රණසිංහ)

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිස් නිලධාරීන් විසින් එහි ගේට්ටු වසා දමා ඇතුළුවීමට ඉඩ නොදීම නිසා ඔවුහු අද රාත්‍රීයේ අපහසුතාවට පත්වූහ.

මේ සිද්ධිය හේතුවෙන් එම අවස්ථාව වාර්තා කරගත නොහැකිව මාධ්‍යවේදීන් විශාල පිරිසක් අධිකරණ ගේට්ටුව අසල රැඳී සිටිනු දක්නට ලැබිණ.

මේ අවස්ථාවේදී අධිකරණයේ ආරක්ෂක කටයුතු භාරව සිට ඇතැයි පැවසෙන්නේ කොළඹ දකුණු ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී ක්‍රිශාන්ත මහතයි.



අදහස් (11)

මාධ්‍යවේදීන්ට අධිකරණයේ දොරටු වැසේ

Mahesh Wednesday, 18 December 2019 05:56 PM

මෙය හුදෙක්ම පලිගැනීමක් කියලා ඕන කෙනෙක්ට පේනවා. මහින්ද මහත්තයාලා පාඩම් උගෙන ගන්න අය නෙමේ. පාවෙන ඡන්ද මේවායෙන් කලකිරෙනවා...

:       0       0

Mf Wednesday, 18 December 2019 06:06 PM

සරත් ෆොන්සේකා මහත්තයාව ගෙනිච්චා වගේ නෙමෙයි... මෙයාව අරන් ගියේ... වෙනසක් තියනවා පොඩි...

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 18 December 2019 07:52 PM

නව රජය මාධ්‍ය නිදහස සහ තොරතුරු දැනගැනීමට මහජනයාට තිබෙන අයිතිය උසස් අන්දමින්ම සුරක්ෂිත කර තිබෙන වග මේ පුවතින් මනාව පැහැදිලි වෙනවා. "ඔහොම යමු" අයිය මලෝ සංස්ථාව. මීළග ගොදුර කවුද කියා හැමෝම බලා ඉන්නවා..............

:       0       0

Dasa P Wednesday, 18 December 2019 08:51 PM

දැන් සැපද...?

:       0       0

C.K.Lankaputhra. Wednesday, 18 December 2019 11:43 PM

ස්වස්තිකයේ හැඩරුව සහ මාධ්‍ය නිදහස.

:       0       0

Mahee Thursday, 19 December 2019 01:46 AM

නීතිය සාමාන්‍යයින්ට සමාන වන අතර අසාමාන්‍යයින්ට අසමාන වේ. පුන්සඳ එළියේ නඩු ඇසීමද අසාමාන්‍යයින්ට පමණක් සමාන වේ. කලකට පෙර කඩුවෙලදීද මෙවැන්නක් සිදුවිය.

:       0       0

sanju Thursday, 19 December 2019 03:02 AM

මාධ්‍ය නිදහස කියන්නේ ඕකට තමයි.

:       0       0

Upali Thursday, 19 December 2019 03:08 AM

අහන්න තියෙන්නේ එකම දෙයයි. මාධ්‍යවේදීනී " දැන් සැපද..."

:       0       0

sharm warn Thursday, 19 December 2019 03:38 AM

ජන මාධ්‍ය තියෙන්නේ වාර්තාකරණයට වුවත් , අපේ ජන මාධ්‍ය වලින් වැඩියෙන්ම වාර්තා වෙන්නේ මොනවද කියල මට හැම වෙලාවේම හිතෙනවා .

:       0       0

shehani Thursday, 19 December 2019 03:40 AM

හොඳ තීරණයක්. අධිකරණය විසින් තීන්දුවක් ලබා දෙන තුරු මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නැත මාධ්‍ය තීරණ අපට අවශ්‍ය නැත.

:       0       0

Mihira Thursday, 19 December 2019 05:12 AM

මාධ්‍යවේදින් ඔය වෙනස ඉල්ලුවා නේද දැන් ඇයී දන්නැ නේද

:       0       165

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 69 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 278 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site