(රංජිත් රාජපක්ෂ )
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට රාත්‍රියේ සිට (16) දින අලුයම තෙක් කඩින් කඩ මිලිමිටර් 140 ක වර්ෂාපතනයක් ලැබි ඇති බව නුවරඑළිය ආපදා කලමණාකරණ ඒකකය පැවසිය.
ඇද හැලුණු අධික වර්ෂාවත් සම කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහල යමින් පවතින අතර , නොටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය අද (16) දින අලුයම සිට වාන් දැමිමට පටන්ගෙන ඇති අතර , ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් 6 බැගින් විවෘතකර ඇත.
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලි තේ වත්ත ප්‍රදේශයෙන් කොටසක් නාය ගොස් ඇත.
ප්‍රධාන මාර්ගයට ඉහලින් තේ වත්තේ සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කුඩා ඇළ මාර්ගයක් තේ ගස් සමග නායගොස් ප්‍රධාන මාර්ගයේ තේ පදුරු සහ පස් රැදි ඇත.
මේ අතර හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශයට යාබදව පිහිටි පලයකාඩු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.
අධික වර්ෂාවත් සමග හමා යන දැඩි සුළං තත්ත්වය හේතුවෙන් හැටන් ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම විදුලි බලයද වරින් වර ඇණ හිට තිබුණි.





COMMENTS
කාලයකට උතුරා යන්න දෙන ජලය සහිත ජලාශ සහ පොලොව වේලේන්නම ඊළඟ කාලයේදී පායනවා. ඒ සොබාදහමේ හැටි. ඒත්, උතුරන්න දෙන ජලයෙන් යම් ප්‍රමාණයක් හෝ මතු ප්‍රයෝජනය සඳහා රඳවා ගන්න වැඩ පිළිවෙලක් අපට නැහැ. කොයි පැත්තෙත් සිටින දේශපාලකයන්ගේ වත්කම් බැරකම් සොයලා රටෙන් හොරාකාපු මුදල් ටික ගැනීමේ ක්‍රමයක් හැදුවොත්, පෙර කී වැඩේට මුදල් ලබාගන්න පුළුවන්. ඒත්, කව්ද එහෙම කරන්නේ? කව්රුත් තමන්ගේ හොරමැරකම් ගැන කතා කරනනෙම නැහැ. හොයන්නේ අනුන්ගේ හොරකම් ගැන පමණයි. ඉතින් කොහොමද රටක් හදන්නේ. නේද..?
රට පුරාම තිබුණු නියඟය නිමා කරමින් බොහෝ පෙදෙස් වලට ධාරානිපාත වැසි වසිනවා. කොරෝනා රජයමින් තිබෙන මේ මොහොතේ ඔබේ අවධානය සහ සැලකිල්ල යොමු නොවුනොත් තවත් මාරයෙක් අවදි වනු ඇති. ඒ තමයි ඩෙංගු මාරයා. බොහෝ දෙනෙක් තවමත් හරියට වැඩ රාජකාරි වලට වාර්තා කරලා නෑ මේ වෙනකොටත්. ඉතින් ගෙදරට වෙලා ඉන්න ගමන් තම තමන්ගේ වටපිටාව පිරිසුදු කර ඩෙංගු මාරයාට නැවත හිස ඔසවන්න ඉඩක් නොතබමු.
නෝටන් සහ ලක්ෂපාන ඉතා කුඩා ජලාශ. ලක්ෂපාන බැම්මේ ගේට්ටු විවෘතකලේ නැතිනම් බැම්මටත් උඩින් වතුර යන්න පුළුවනි. වසර 30කට කලින් ගේට්ටු විවෘත කරන යන්ත්‍ර ක්‍රියාවිරහිත විම නිසා ගඟ, බැම්ම මගහැර පිටතින් ගලාගිය. එය පිළිසකර කරන්න ලොකු මුදලක් වැයකලා. මේ නිසා පහත තිබෙන පොල්පිටිය විදුලිබලාගාරය වසා දමන්න සිදුවුණා.