IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මධ්‍යම අධිවේගී මාර්ගයේ පාපැදි තරගාවලියක්

(යොහාන් භාසුර)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින එනම් අනිද්දා (14) පාපැදි තරග මාලාවක් පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක පැවැත්වෙන පළමු පාපැදි තරගාවලිය මෙය වන අතර තරග එදින පෙරවරු 8.30 ට ආරම්භ වේ.

මීරිගම අන්තර් හුවමාරුව අසලින් ආරම්භ වන තරගය යග්ගපිටිය අන්තර් හුවමාරුවෙන් හරවා නැවතත් එම මාර්ගය ඔස්සේ පැමිණ මීරිගම අන්තර් හුවමාරුව අසලින් නිමාවෙයි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සහ මහාමාර්ග අමාත්‍යංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණයෙන් කාණ්ඩ තුනක් යටතේ පිරිමි සහ සහ කාන්තා යන අංශ යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන අතර කිලෝමීටර 80 කින් යුත් තරගාවලිය පිරිමි සුපිරි, 23 න් පහළ, කණිෂ්ඨ සහ කාන්තා සුපිරි යන කාණ්ඩ යටතේ තරග පැවැත්වේ.

පිරිමි සුපිරි සහ 23 න් පහළ තරගයේ පළමු ස්ථානයට රුපියල් ලක්‍ෂයක් ද, පිරිමි කණිෂ්ඨ සහ කාන්තා සුපිරි පළමු ස්ථානයට රුපියල් 50,000 ක් බැගින් ද, මුදල් ත්‍යාග පිරිනැමේ. ඊට අමතරව පිරිමි තරගවල 10 වැනි ස්ථානය දක්වා ද, කාන්තා තරගයේ පස්වැනි ස්ථානය දක්වා ද, මුදල් ත්‍යාග පිරිනැමේ.  

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 125 ක් පමණ මෙම තරගාවලියට සහභාගි වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.



අදහස් (0)

මධ්‍යම අධිවේගී මාර්ගයේ පාපැදි තරගාවලියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site