
(යොහාන් භාසුර)
මැදි සහ දිගු දුර ධාවන ඉසව් නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනෙක්ට කෙන්යාවේ මාධ්‍ය සහ දිගුකාලීන පුහුණුවීම්වල නිතර වීමට අවස්ථාව ලැබෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.
ලෝක මලල ක්‍රීඩා පිටියේ මැදි සහ දිගු දුර ධාවන ඉසව්වලදී ඉදිරියෙන් සිටින රටක් වන කෙන්යානු පුහුණුකරුවන් යටතේ පුහුණුව ලැබීමට අවස්ථාව උදාවීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව කී අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ඒ අනුව මේ වසර අවසානයේ හෝ ලබන වසර මුල ක්‍රීඩකයන් කෙන්යාව බලා පිටත්කර හැරීමට නියමිත බව සඳහන් කළේය.
කෙන්යානු ක්‍රීඩා අමාත්‍ය ආචාර්ය අමීනා මොහොමඩ් මහත්මිය සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව හිමිවී තිබේ.
COMMENTS
මල්ලිවත් පුහුණුවට යැව්වානම් අර යවපු රොකට්ටුව අල්ලගන්න තිබුණා.!
ඇත්තද? කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ නේද?
අහ්, එකයි මේ ලඟදි කෙන්යාවට ගියේ නේද.?
අනේ සර් මටත් ඇමති කමක් දෙන්නකෝ.
ඔහොම තමයි දැම්ම ඉඳලම හංගන්නම තමයි පුරුදු වෙන්න ඕනි
අප රටේ පක්ෂ බේදයකින් තොරව දේශපාලුවන් 99.9999999% ම වැඩිපුරම කරන්නේ තුන්ලෝකෙටම ඇහෙන්න අධබෙර ගැසීම හා කැටයම් කලාවේ නිරතවීමය. වැඩේ හරියට කරනවකෝ කියව කියව ඉන්නේ නැතිව....