IMG-LOGO

2024 මැයි මස 25 වන සෙනසුරාදා


මාදිවෙල තෙත්බිම රකින්න වැඩපිළිවෙලක්

(ඩයනා උදයංගනී)

මාදිවෙල තෙත්බිම් කලාපයේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා පැවසීය.

මාදිවෙල තෙත්බිම් කලාපය මේ වනවිට අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණයට හසුව පවතින අතර ඔවුන්ගේ වැසිකිලි අපද්‍රව්‍ය හා වෙනත් අපද්‍රව්‍ය මෙන්ම ප්ලාස්ටික් සහ පොලිතීන් වැනි නොදිරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද දෛනිකව මෙම තෙත්බිම් කලාපයට බැහැර කරමින් පවතින බව සභාපතිවරයා සඳහන් කළේය.

සභාපතිවරයා මේ බව පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

  මාදිවෙල තෙත්බිම් කලාපය සත්වෝද්‍යානයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් පවතින බව ඇතැමුන් කීවත් එහි ඉදිකරන්නේ සතුන්ට නිදහසේ ජීවත්විය හැකි කුරුළු උද්‍යානයක් බව ද ඔහු පැවසීය.

 මෙම තෙත්බිම් කලාපය තුළ දේශීය කුරුළු වර්ග 300 ක් පමණ සිටින අතර පරිසර පද්ධතිය විනාශවීමෙන් එම කුරුළු වර්ග වඳවීයාමේ තර්ජනයක් ඇතිවිය හැකි බව උදය නානායක්කාර මහතා සඳහන් කළේය.

අපද්‍රව්‍ය සහ අප ජලය තෙත්බිමට බැහැර කිරීමෙන් එහි ජලාශවල සිටින මසුන් වර්ග හා එහි ඇති ශාක වර්ග ද වඳ වී යෑමේ තර්ජනයක් පවතින බව කී සභාපතිවරයා මාදිවෙල තෙත්බිම් කලාපය නිසිලෙස සංවර්ධනය කිරීමෙන් නව රැකියා අවස්ථා 300 ක් බිහිවන බව ද පැවසීය.

සිදුකර ඇති පරිසර හානිය අවම කර ගැනීම සඳහා මාදිවෙල තෙත්බිම් කලාපය තුළ උණ පඳුරු 4,000 ක්, කුඹුක් ගස් 1,400 ක්, මීගස් 1,100 ක්, ඇඹුල් ඇඹිලිය ගස් 300 ක්, මාදං ගස් 300 ක්, කිරල, පන්, මීවන ශාක, කුකුල් වැල් සහ මාවැල් වැනි ශාක වර්ග ද ඕලු, මානෙල්, නෙළුම් වැනි ජලජ ශාඛ ද සිටුවීම සඳහා සැලසුම් සකස් කර ඇති අතර එම ව්‍යාපෘතිය තුළ තෙත්බිම ගොඩකිරීමක් නොකෙරෙන බව ද හෙතෙම පැවසීය.

මාදිවෙල තෙත්බිම් ඉඩම්වල සිටින අනවසර පදිංචිකරුවන් දැනට ඉවත් නොකරන අතර ඔවුන් ඉවත් කිරීමට සිදුවුවහොත් නව නිවාස ලබාදීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා කීවේය.
මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර 02 තුළ අවසන් කිරීමට ද නියමිතය



අදහස් (1)

මාදිවෙල තෙත්බිම රකින්න වැඩපිළිවෙලක්

සිරිබිරිස් Wednesday, 29 September 2021 05:17 PM

ඒක නං හොඳ වැඩක් . සංවර්ධනය කරල සර්ගේ යාළුවෙක්ට ඕක විකුණලා දානව එහෙම නෙවෙයි ඔන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ දැමූ බිරිඳ ඇතුළු සොහොයුරා අත්අඩංගුවට
2024 මැයි මස 25 727 1

තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යයක් දමා ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට බෙලිඅත්ත කොස්ගහගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු මවක් සහ එයට අනු


හිටපු විගණකාධිපතිගේ වෛද්‍ය සැපයුම් නිර්දේශ 47 ක් වසර හයක්ම හමස් පෙට්ටියේ
2024 මැයි මස 25 160 1

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීම හා බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා 2018 දී ලබාදුන් විගණන නිර්දේශ 47 ක් වසර හයකට වඩා කාලයක්


මේ වසරේ රට බංකොලොත් බවින් මුදා ගන්නවා
2024 මැයි මස 25 274 1

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගෙන රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවස


දේශපාලකයන් හතළිහකට අල්ලස් පරීක්ෂණ
2024 මැයි මස 25 704 2

අල්ලස් දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දුෂණ


කොළඹ - බදුල්ල දුම්රිය 4ක් අදත් අවලංගුයි
2024 මැයි මස 25 249 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට ගස් හා ගල් කඩා වැටීම සැලකිල්ලට ගෙන අදත් (25) කොළඹ - බදුල්ල සහ බදුල්ල - කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම


නෙදර්ලන්තයෙන් ලැබුණ තෑග්ග ජනපති විවෘත කරයි
2024 මැයි මස 25 1848 2

දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 942 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2491 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2135 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site