
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
අන්තර්ජාලය ඔස්සේ විදේශ ගත ශ්‍රමිකයන්ට සහනදායි පොලී අනුපාත යටතේ ණය ලබා දෙන බව පවසා ඉතා සූක්ෂම අයුරින් මුදල් වංචා කිරීමේ යෙදුණු පුද්ගලයන් 5 දෙනෙක් කූඨ ලේඛන හා උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි .
එම සැකකරුවන් සමඟ මෙම ජාවාරම සඳහා යොදාගත් මෝටර් රථයක් වෑන් රථයක් ලැප්ටොප් පරිගණක 11 ක් ලැමිනේටින් මැෂින් 2 ක් රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා යොදා ගන්නා කාඩ්පත් 925 ක් ව්‍යාජ රබර් මුද්‍රා දෙකක් ව්‍යාජ රියදුරු බලපත්‍ර 61 ක් සහ ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර පහක් පොලිස් භාරයට ගෙන ඇත .
කොරෝනා වසන්ගතය හේතුවෙන් විදෙස් ගත ශ්‍රමිකයන් සඳහා සියයට 2.7 සහනදායී පොලී අනුපාතයක් යටතේ ණය ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාංශයේ ශීර්ෂ ඇතුළත් ලිපි භාවිතා කර මුහුණු පොත හරහා දැන්වීම් පළ කර මෙම ජාවාරම සිදුකර තිබූ බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුණු පොතේ මාර්ගයෙන් මෙසේ වංචාවල නියැලෙන්නන් නීතිය දැලට හසුකරගැනීමට වහවහා කටයුතු සූදානම් කළ යුතුව පවතී. එය ප්‍රමාද වුවහොත්, මේ උවදුරත්, කුඩු උවදුරට වඩා බලවත් වේවි...!