
(ඉන්දිකා රාමනායක)
පුද්ගලයන්ට විවිධ තෑගි ලැබී ඇති බව මුහුණු පොත හරහා විවිධ පණිවිඩ යවමින් රුපියල් ලක්ෂ 5 ක පමණ මුදලක් වංචා කළ මලාවි ජාතිකයකු අත්තිඩිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි.
සැකකරු නවාතැන් ගෙන සිටි නිවසේ තිබී බැංකු කාඩ් රැසක්, අයිස් මත්ද්‍රව්‍ය ,හෙරොයින් , ලැප්ටොප් දෙකක් ,ජංගම දුරකථන දෙකක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි .
මුහුණු පොත හරහා හඳුනාගත් පුද්ගලයන්ට යම් යම් තෑගි ලැබී ඇති බවත් ඒවා ලබා ගැනීමට යම් මුදලක් ගෙවන ලෙසට පවසමින් සැකකරු මෙම වංචාව සිදුක ර ඇති බවද පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.