(අජන්ත කුමාර අගලකඩ)
ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේ හෙට (08) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය.
බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අමාත්‍යධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිතව ඇත . අනතුරුව හෙට පෙරවරුවේ අමාත්‍යංශයේ වැඩ බාරගැනීමට ද නියමිතය.
පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට බැසිල් රාජපක්ෂ මහතා පත් කළ බව සදහන් ගැසට් නිවේදනය අද පෙරවරුවේ නිකුත් විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ වරයා වන බැසිල් රාජපක්ෂ මහතා 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස ද කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් දෙනවා කියන්නේ ඉතින් සුපිරි පිරි තමා
ඉස්සර සීයට දහය දැන් සීයට සීයක්ම වෙයිද අප්පා.
මේක රටම දැනගෙන හිටිය කතාවක්නෙ
මල්වානේ ගෙවල් වැඩි වැඩියෙන් ඇතිවේවි. 10% නොව 50% කොමිස් කුට්ටි ඇතිවේවි.
දැන් තමා හිතට සහනයක් ආවේ...මෙතුමා නැතුව අපි අවුරුදු ගානක් බලං හිටියා...
අපිට මතකයි ඉස්සර රොනි ඩි මෙල් මුඩල් ඇමති හිටපු කාලයේ කොයිතරම් දක්ෂ විදියට මුදල් ඇමතිකම කළාද.ඒ යුගය ලන්කාවෙ දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු යුගයක්.එතුමන්ලා සත පහක් මහජන මුඩල් හොරකම් කලේ නැහැ.
මේ යොදය ආව කියල මොනව කරන්නද ?
අපි කොච්චකල් මග බලාගෙන හිටියද
ශ්රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අවාසනාවන්තම යුගයේ ආරම්භය මේ ඇමෙරිකන් කාරයාගේ නැවත පැමිණීමත් සමගම උදාවේ. කෙසේවෙතත් මොහුගේ දිව්රුම් දීම නීති ප්‍රශ්න රැසක් ඇති කරවන එකක් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. එ්ත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වෙනස් අන්දමේ මතවාදයක් ඉදිරිපත් කරන්නත් පුළුවනි. මොනවා වුණත් කවුරුත් දන්නා පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ මුදල් ඇමති ලෙස පත්වන පළමු මෙන්ම අවසාන අවස්ථාවත් මෙය විය හැක. රට වැසියනේ, යමෙක් ඔබගෙන් ".. ඔබේ රටේ දේශපාලකයින්, ලෝකයේ අංක 1 මිනීමරුවන්, අංක 1 හොරුන් කියා කියන්නේ ඇත්තද..?" කියා ඇසුවොත් ඔබ කියන්නේ කුමක්ද...? ඔබ මොනවා කීවත් මම නම් කෙලින්ම කියන්නේ " ඔව්..!!! ඒක තමයි රටේ අවාසනාව.." කියයි.
මන්ත්‍රී වෙන්නත් කළින් ඇමැතිකම... අප්පේ තියෙන හදිස්සිය මුදල් ඇමැති වෙන්න...
නීතිය ඔනි ඔනි විදියට නැවෙනවා වගේ
රට කනවා... පවුලේ ඔක්කොම...
දිව්වෙත් මර බියේ - වැටුණාම දෙලට පොලේ කිව්වත් කවි කොලේ - නැත ගිරවාට මොළේ සෙව්වත් කිරි දියේ - බිඳි නැව යටට ගිලේ වැව්වත් රස ගුලේ - තිත්තය කොහොඹ පැලේ