(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
මාදම්පේ මැල්ලවාගාර ප්‍රදේශයේ නිවසක් තුළ තිබි මිනිස් සිරුරක අස්ථි කොටස් තොගයක් අද (7) පස්වරු සොයාගත හැකිවූ බව මාදම්පේ පොලිසිය කියයි.
මෙම නිවසෙහි වයෝවෘද්ධ කාන්තාවක් තනිවම විසූබවත් පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසු ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොලද බවත් තමන් තම සහෝදරියට නිතර දුරකතන ඇමතුම් ලබාදෙනු ලැබූ නමුත් ඒ කිසිඳු අවස්ථාවකදී ඇයගෙන් ඊට කිසිඳු ප්‍රතිචාරයක් නොලද බවත් පසුව පසුව සැකසිති පැමිණ බැලු අවස්ථාවේ දි සිය සහෝරදරියගේ නිවස දොරගුළු දමා තිබු බැවින් සැක සිති පැමිණ මේ බව බදුල්ලේ පදිංචි කාන්තාවක් මාදම්පේ පොලිසියට පැමිණිළි කළ බවත් පොලිසිය කියයි.
පසුව එම නිවසේ දෙරක් කඩා බැලූවිට ඒ තුළ තිබී මෙම අස්ථි කොටස් හමුවු බවත් කියයි.
මෙම අස්ථි කොටස් එම නිවසෙහි තනිවම වාසය කළ බව කියන රාජකරුණා මනමේන්ද්‍ර නයිදේලාගේ ආරියවති (66) නැමිත්තියගේ විය හැකි බවට සැක කෙරේ.
හලාවත අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් පසු මෙම අස්ථි කොටස් වෛද්‍ය පරීක්ෂණය හදහා හලාවත දිස්ත්‍රික් මහ රෝහල කරා ගෙන යන බවත් කියයි.
මාදම්පේ පොලිසිය පරික්ෂණ සිදු කරයි.
COMMENTS
පසුගිය වසරේ අප්‍රේල් සිට මේ දක්වා සොයා බැලීමක් නොකරපු සහෝදරියක්. දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වුවා නම් ඒ දිනවලම සොයා බලන්න තිබුනා. අනික තනියම සිටින වයසක අයෙක්. මාස 11 කට පසුව සොයා බලද්දී ඇටකටු ටිකවත් තිබුනා ඇති.
මාර සහෝදර ප්‍රේමය. තනිව සිටි තම සහෝදරිය දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි නිසා සොයා බලන්න අවුරුද්දක්ම ගිහින්. අනේ අනිච්චං !
මෙම මරණය සැක සහිතයි.