IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මැදිපෙරදිග රටවල් 06කිනුත් මගීන් රැගෙන ඒම තහනම් කරයි

(තිළිණි ද සිල්වා සහ ටී.කේ.ජී.කපිල)

පසුගිය සති දෙකක කාලය තුළ මැදපෙරදිග රටවල් හයක සංචාරය කළ ගුවන් මගීන්ට ජූලි 01 වැනිදා සිට මෙරටට පැමිණිය නොහැකි බව ශ්‍රී ලංකා ගුවන් සේවය කියා සිටී.

ඒ අනුව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේටය හා ඕමානයේ සංචාරය කළ ලාංකිකයින් ඇතුළු වෙනත් මගීන්ට මෙම තහනම පනවා ඇත.

එය ලබන 13 වැනිදා තෙක් බලපැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් සියලු දෙස් විදෙස් ගුවන් සමාගම් වෙත දන්වා ඇතැයිද එම අධිකාරිය කියා සිටී.

කොවිඩ් වැලැක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් උපදෙස් අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම පියවර ගෙන ඇත.



අදහස් (7)

මැදිපෙරදිග රටවල් 06කිනුත් මගීන් රැගෙන ඒම තහනම් කරයි

Deepal Peiris - Saudi Arabia Tuesday, 29 June 2021 11:38 AM

හරිම අසාධාරණ ලෙසට එකපාරට ගන්න තීරණ නිසා අපි කී දෙනෙක්ගේ සිහින බලාපොරොත්තු බිඳ වැටෙනවද? ඇයි එහෙම කරන්නේ...? වැක්සීන් දෙකම මම ගහලා තියෙන්නේ..!!! ඉතින් එහෙම එකේ වැක්සීන් දෙකම ගහලා ඉන්න අයටත් එන්න නොදුන්නාම හරිම අසාධාරණයි. ඇයි අපි එවන්නේ විදේශ විනිමය නොවේද? මැදපෙරදිගින් විතරද කොරෝනා 19 එන්නේ? යුරෝපයෙන් එන අයට එක නීතියක්... මැද පෙරදිග අපට එක නීතියක්ද?

:       1       15

chandrasiri - dubaiTuesday, 29 June 2021 02:50 PM

මගෙන් චූටි උපදෙසක්. තව ටික දවසක් ඔහෙම ඉන්න. අමාරු තමයි. නමුත් මේ මොලේ අමාරුකාරයින්ගේ රටේ වැඩ මෙහෙම තමයි. සල්ලි එවන්න එපා. එවනවා නම් හොර ක්‍රමයකට එවන්න. එය ඔබේ පවුලටත් ලාබයි. නීත්‍යානුකූලව සල්ලි එවුවත් ඒවාවල චාන්ස් එක ගන්නේ මේ හොර ආණ්ඩුවයි. අන්තිම උපදෙස මීළඟට තියෙන හැම ඡන්දෙකදීම මේ හොරුන්ව අනිවාර්යයෙන්ම පරද්දලා ඔවුන්ව ගෙදරට හෝ හිරගෙදර තපින විදිහට වැඩකටයුතු කරන්න. ඔබේ හිතවතුන් සැමටත් මෙය කියන්න. ඩුබායිවල අපි දැන් සංවිධානය වෙලා ඉන්නේ....

:       0       52

කිරිපුතා Tuesday, 29 June 2021 11:49 AM

මේ මැදපෙරදිග රටවල්නේ. ඒවගේ කවුද සංචාරය කරන්නේ. සේරම රැකියාවල් කරලා මාස් පතා ලංකාවට මුදල් එවන අහිංසක මිනිසුන්. එච්චරයි කියන්න තියෙන්නේ...

:       1       39

විජිත් Tuesday, 29 June 2021 02:29 PM

මහා පුදුම ඒකාධිපති රටක්...!!! මෝඩ නූගත් රැලක් විසින් පාලනය කරන, මිනිසුන් අසරණ කළ රටක්...!!! ජනාධිපතිගේ නෝනා ඇමෙරිකාවට ගිහින් ආපසු පැමිණෙන විට රට විවෘත කළා. ඊට පස්සේ රට වැසුවා. මල්වානේ හොරුන්ට එන්න ආයෙත් රට විවෘත කළා. මිනිහා ආවට පස්සේ ඔන්න දැන් ආයෙත් ගුවන් ගමන් අඩුකරනවා. කවදාහරි තව රාජපක්ෂ ගෝතයෙක් පිටරටක සිට එනවා නම් ආයෙත් ගුවන් ගමන් පටන් ගනියි. අපි බලාගෙන ඉඳිමු..

:       0       48

ජනහිත Tuesday, 29 June 2021 02:53 PM

මෝඩ තීරණ.. මැදපෙරදිග මේ වෙනකොට තත්වය හොඳටම පාලනය කරලා තියෙන්නේ... මම ඉන්න කටාර් වල 71% ක ජනගහනය වැක්සීන් කරලා ඉවරයි. දවසට රෝගීන් 100ට වඩා අඩු ගණනක් වාර්තා වෙන්නේ... මේ ගන්න තීරණ හරිද කියලා බලන්න නායකයි කියලා ජාතියක් නැද්ද රටේ... මෝඩ තීරණ, මැදපෙරදිග මේ වෙනකොට තත්වය හොඳටම පාලනය කරලා තියෙන්නේ... මම ඉන්න කටාර් වල 71%ක් ජනගහනය වැක්සින් කරලා ඉවරයි. දවසට රෝගීන් 100ට වඩා අඩු ගණනක් වාර්තා වෙන්නේ... මේ ගන්න තීරණ හරිද කියලා බලන්න නායකයෝ කියලා ජාතියක් නැද්ද රටේ...?

:       0       23

thushara Sampath Edirisinghe Tuesday, 29 June 2021 04:22 PM

මම ඉන්න කටාර් වල 71%ක ජනගහනය වැක්සීන් කරලා ඉවරයි. දවසට රෝගීන් 100ට වඩා අඩු ගණනක් වාර්තා වෙන්නේ.. මෝඩරැලක් විසින් පාලනය කරන, මිනිසුන් අසරණ කළ රටක්...!!! සල්ලි එවන්න එපා.

:       0       2

Sri Lanka Tuesday, 29 June 2021 07:19 PM

රට විවෘත කළාම එන්න අවසර නෑ.... දැන් කොයි කාලයක් එහෙම කළාද? මිනිස්සුන්ට ජීවත් වෙන්න ඉඩදෙන්න. බලන්න සිංගප්පූරුව කොයි තරම් ආදර්ශවත් රටක්ද? කොරෝනා බොරුව තේරුම් අරන් ජනතාවට කිව්වා හෙම්බිරිස්සාවක් තරම් වත් බයක් නැතිව වැඩකරන්න කියලා... ඒකට අපේ රට කොරෝනා වවන් කනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 506 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site