(සුජිත් හේවාජුලිගේ)
පවතින ආර්ථික තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ විදුලිය සහ ජලය වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි අටක් දක්වා ඉහළ නැග ඇතැයි එහි මූල්‍ය වාර්තාවල සඳහන් වේ.
පාර්ලිමේන්තු සංකීර්ණයට විදුලිය සහ ජලය සැපයීම සඳහා 2020 වර්ෂයේදී පමණක් රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂ විසි පන් දහස් තුන්සිය විසි තුනක (74,625,323.28) මුදලක් වැයවී ඇතැයිද එම වාර්තා පෙන්වා දෙයි.
විදුලිය සහ ජලය වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණය වැය වන්නේ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවන්හිදී බව එහි නිලධාරීහු පවසති.
මැතිසබය රැස්වන අවස්ථාවන්හිදී වායු සමීකරණ පද්ධති සහ විදුලි සැපයුම පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව පවසන එම නිලධාරීහු පවතින ආර්ථික තත්වය හමුවේ ජලය සහ විදුලිය වෙනුවෙන් වූ වැය බර ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බවද පෙන්වා දෙති.
පාර්ලිමේන්තු කමිටු රැස්වීම් සඳහාද වාර්ෂිකව ලොකු විදුලිය පිරිවැයක් දැරීමට සිදුවන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසයි.
COMMENTS
මේ වගේ පුවත් දැක්කාම වෙන්නේ මිනිස්සුන්ගේ ලේ තවත් කෝප වෙනවා විතරයි. මේ අනාථ මඩම නඩත්තු කරනවා කියන්නේ අතින් කාලා... හරක් බලනවා වගේ වැඩක් පමණයි.
අනේ ඒක නම් වැඩි වුණාට කමක් නෑ. අපේ රට පාලනය කරන උත්තමයින් ඉන්න තැනනේ. අපි තව තවත් පටි තද කරගෙන ඒ බර දරන්නම්... රට වෙනුවෙන් ඇප කැප වෙලා ඉන්න උත්තමයින්ට අපහසුවක් දෙන්න එපා ආයිබෝවන්ඩ..!
ඇයි ඔතන සූර්ය බලශක්තිය නොයොදවන්නේ? විදුලි බල මණ්ඩලය තුළ වෙනම කොටසක් ස්ථාපිත කරලා තියෙනවා නේද? ඒ අමතක වුණු කොමිස් කාක්කන්ට ඇහුණද දන්නේ නැහැ. ශ්‍රී ලංකා නාවික හමුදාව ජල පිරිසිදු කරණ යන්ත්‍ර නිපදවා පාසල් හා මහජන ප්‍රයෝජනයට ලබාදෙනවා නේද? ඇයි මේ ක්ෂණිකව සහ අඩු වියදමින් ලබාගත හැකි අවස්ථාවලින් ප්‍රයෝජන නොගන්නේ?
වසරකට කෝටි 8ක් කියන්නේ මාසෙකට ලක්ෂ 70කට ආසන්නයි. කොතරම් මුදල් කාබාසිනියාවක් කරනවද?