(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
මැතිසබයේ කෑකෝ ගැසීම් නිසා මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට උත්තරදීම අමාරු යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද(11) මුලසුනට පැමිණිලි කළේය.
ඒ ඇමතිවරයා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නයකට උත්තර දෙමින් සිටි අවස්ථාවේදීය.
මේ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබේ තැන තැන රැඳි සිටිමින් කතාබස් කරමින් සිටිනු දක්නට ලැබිණ.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මෙසේ කීය.
‘ඔය මන්ත්‍රීවරු තමන්ගේ ආසනවලට යන්න. කෑකෝ ගහන්න එපා’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසනවලට නොවේ පුනරුත්තාපනයට යවන්න.
වර්තමානයේ බොහෝ මහජන නියෝජිතයින් යයි කියාගන්නා අයගේ විනය පහලටම බැස ඇති බව අද සියලු දෙනා දන්නා කරුණකි.
ඕක ඇතුලේ කවදත් එහෙමයි. නමුත් එහෙම කියලා ඇමතිවරයකු ප්‍රශ්ණ වලට උත්තර දෙන්න බැරි නම් එයා පාර්ලීමේන්තුවට නොයා ගෙදර හිටියානම් හරී.
උත්තරීතර යයි කියාගන්නා තැනක විනයක් නැති කොට රටේ අනිකුත් ස්ථානවල විනය ගැන කුමන කථාද? මේ රටේ තියන ප්‍රධානම ප්‍රශ්නය විනය නැතිකම. ඕනෑම තැනක විනය තියනවානම් අනිකුත් සියලු කටයුතු නිසි පරිදි කෙරෙයි.