IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මැති සබේ ගැටුමෙන් මන්ත්‍රීවරු පිරිසකට තුවාල:අයෙක් රෝහලේ


(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)


මැතිසබයේදී අද(15) පෙරවරුවේ ඇතිවූ ගැටුමේදී මන්ත්‍රීවරු කිහිපදෙනෙක් තුවාල ලැබූහ.


මේ ගැටුමේදී තුවාල ලැබූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා (එ.ජ.නි.ස) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරිණි.


අමුණුගම මහතා තුවාල ලැබුයේ කතානායකවරයාගේ මයික්‍රෆෝනය ඇදීමට යෑමේදී ඊට අත කැපී යෑම නිසාය.


අමුණුගම මහතාගේ අත කැපී යාමෙන් අධික ලෙස රුධිරය වහනය වූ අතර ඒ රුධිරය ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සුදු ඇඳුම්වලද තැවරී තිබෙනු දක්නට ලැබිණි.


අමුණුගම මහතාට පළමුව පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාදී පසුව ගිලන් රථයකින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පිටත් කර යැවුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


අරුන්දික ප්‍රනාන්දු, හරීන් ප්‍රනාන්දු හා පාලිත තෙවරප්පෙරුම තුවාල ලැබූ සෙසු මන්ත්‍රීවරු වෙති. ගැටුමේදී හරීන් ප්‍රනාන්දු මහතාගේ උපැස් යුවළද කැඩී ගොස් ඇත.



අදහස් (3)

මැති සබේ ගැටුමෙන් මන්ත්‍රීවරු පිරිසකට තුවාල:අයෙක් රෝහලේ

parakrama Thursday, 15 November 2018 02:13 PM

පොහොට්ටුවේ අයගේ අමන දඩබ්බර අශීලාචාර කියාවලිය රුපවාහිනි තුලින් මුළු ලෝකයම බලා සිටි බව ලජ්ජාවෙන් හා කනගාටුවෙන් කිවයුතුය.

:       0       0

Rohana Friday, 16 November 2018 02:54 AM

රට කරවන අය හැසිරෙන්නේ මෙහෙමනම් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද ?

:       0       0

Ajith Nissaka Friday, 16 November 2018 03:21 AM

මේ හරක් රැල පාර්ලිමේන්තු දක්කපු ජනතාවනි ඔබට සතුටුද දැන් ???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site