(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
මැතිසබයේදී අද(15) පෙරවරුවේ ඇතිවූ ගැටුමේදී මන්ත්‍රීවරු කිහිපදෙනෙක් තුවාල ලැබූහ.
මේ ගැටුමේදී තුවාල ලැබූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා (එ.ජ.නි.ස) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරිණි.
අමුණුගම මහතා තුවාල ලැබුයේ කතානායකවරයාගේ මයික්‍රෆෝනය ඇදීමට යෑමේදී ඊට අත කැපී යෑම නිසාය.
අමුණුගම මහතාගේ අත කැපී යාමෙන් අධික ලෙස රුධිරය වහනය වූ අතර ඒ රුධිරය ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සුදු ඇඳුම්වලද තැවරී තිබෙනු දක්නට ලැබිණි.
අමුණුගම මහතාට පළමුව පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාදී පසුව ගිලන් රථයකින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පිටත් කර යැවුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
අරුන්දික ප්‍රනාන්දු, හරීන් ප්‍රනාන්දු හා පාලිත තෙවරප්පෙරුම තුවාල ලැබූ සෙසු මන්ත්‍රීවරු වෙති. ගැටුමේදී හරීන් ප්‍රනාන්දු මහතාගේ උපැස් යුවළද කැඩී ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ අයගේ අමන දඩබ්බර අශීලාචාර කියාවලිය රුපවාහිනි තුලින් මුළු ලෝකයම බලා සිටි බව ලජ්ජාවෙන් හා කනගාටුවෙන් කිවයුතුය.
රට කරවන අය හැසිරෙන්නේ මෙහෙමනම් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද ?
මේ හරක් රැල පාර්ලිමේන්තු දක්කපු ජනතාවනි ඔබට සතුටුද දැන් ???