IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මත් සාදයක් පැවැත්වූ ෆේස්බුක් මිතුරන් 89 ක් අත්අඩංගුවට

(ක. ග. කරුණාරත්න)

 
මත්ද්‍රව්‍ය භාවිතා කරමින් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක මුහුණු පොතේ  මිතුරන්ගේ සාදයක් පවත්වමින් සිටි කාන්තාවන් 06 ක් ඇතුළුව පුද්ගලයන් 89 දෙනෙකු අද (03) අලුයම අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
 
මොවුහු අවුරුදු - 19,20,25,30,35,45 ආදී විවිධ වයස් කාණ්ඩවල පසුවූවෝ වෙති.
 
පොලිස් අත්අඩංගුවට පත් පිරිස් අතර කොළඹ, දෙහිවල,  හෝමාගම, කුරුණෑගල,  අනුරාධපුර, තඹුත්තේගම, ත්‍රිකුණාමලය, පොළොන්නරුවල බැඳිවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිටින බව හෙලිවී ඇත.
 
මොවුන් විසින් මෙම සාදයේ දී භාවිතා කළ  බව කියන හෙරොයින්,  ගංජා, කේරළ ගංජා, අසීස් ආදී මත්ද්‍රව්‍ය ද අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී තිබේ.


හිඟුරක්ගොඩ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.  



අදහස් (6)

මත් සාදයක් පැවැත්වූ ෆේස්බුක් මිතුරන් 89 ක් අත්අඩංගුවට

sandy123 Sunday, 03 February 2019 06:36 AM

තරුණ තරුණියෝ සමග වැඩිහිටියන් යයි කිව හැකි පුද්ගලයන්ද මෙයට සහභාගී වීම යනු රට යන අත මොනවට පැහැදිලි කරනවද? මේ මත් උවදුර අපේ රටට කොතරම් හිසරදයක් වෙලා තියනවද? බාල මහලු හැමෝම බිලිඅරන්. මේ යන විදිහට ඉදිරියට ළදරුවන්ටත් ඇබ්බැහි කරයි. තමන්ගේ සුඛ විහරණයට අනුන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීම තරම් නිහීනකමක් තවත් තියෙනවද? නීතිය හරියට ක්‍රියාත්මක කර මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙලොවින් සදහටම තුරන් කළානම් කෙතරම් අගනේද? එය පැහැදිලිවම ජාතික අවශ්‍යතාවයක්...

:       1       7

Mahagamagechandrapala Sunday, 03 February 2019 08:31 AM

එවැනි අයට මතක හිටින්න උපරිම දඩුවම් දිය යුතුයි.

:       1       14

Darshana Sunday, 03 February 2019 09:58 AM

පොලිසිය ඔය වේගෙන්ම ඇවිත් ප්‍රධාන නගර වල තියන මත් කුඩු, පෙති පාවිච්චි කරන, සූදු කෙලින, ක්ලබ් ටිකත් වටලන්නකෝ... මේ මධ්‍යම පන්තියේ තරුණ, තරුණියන් අල්ලනවා වගේ...

:       0       12

indika Sunday, 03 February 2019 09:59 AM

අහෝ දෙවියනි, මොකද්ද මේ ලංකාවට වූ විනාශය !!!

:       1       7

sandy123 Sunday, 03 February 2019 10:22 AM

තරුණ තරුණියෝ සමග වැඩිහිටියෝ යයි කිව හැකි පුද්ගලයන්ද මෙයට සහභාගී වීම යනු රට යන අත මොනවට පැහැදිලි කරනවද? මේ මත් උවදුර අපේ රටට කොතරම් හිසරදයක් වෙලා තියනවද? බාල මහලු හැමෝම බිලි අරන්. මේ යන විදිහට ඉදිරියට ළදරුවන්ටත් ඇබ්බැහි කරයි. තමන්ගේ සුඛ විහරණයට අනුන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීම තරම් නිහීන කමක් තවත් තියෙනවද? නීතිය හරියට ක්‍රියාත්මක කර මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙලොවින් සදහටම තුරන් කරානම් කෙතරම් අගනේද? එය පැහැදිලිවම ජාතික අවශ්‍යතාවයක්...

:       1       8

dias Monday, 04 February 2019 12:16 AM

ඔය ෆේස්බුක් එක ලංකාවේ බොහෝවිට භාවිතා වන්නේ ඕපාදුප පැතිරවීමට සහ මත්කුඩු සාද සංවිධාන කිරීමට... ඔය කෙහෙල්මල ලංකාවේ තහනම් කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site