
(යොහාන් භාසුර)
මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් වහාම අධිකරණයට ඉදිරිපත්කර එම මත්ද්‍රව්‍ය සාම්පල කිහිපයක් තබාගෙන මත්ද්‍රව්‍ය විනිසුරුවරයා ඉදිරියේම විනාශ කිරීමට අවශ්‍ය නීති අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව එකතුව සකස් කරමින් සිටින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
මෙරට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය පාලනය කිරීම හේතුවෙන් රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් උද්ගත වී ඇති බව සඳහන් කළ ආරක්ෂක ලේකම්වරයා රට තුළ මත්ද්‍රව්‍ය මිල ද ඉහළ ගොස් ඇති බබ ද සඳහන් කළේය.
ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම හේතුවෙන් මෙරට තුළ ක්‍රියාත්මත මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ වී ඇති බවත් මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා දුකරථන භාවිතය සම්පූර්ණයෙන්ම වළක්වා ඇති බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
මේ දක්වා ඇල්ලුව මත්ද්‍රව්‍යවලට මොකද වුණේ?
මේ මොකද හදිස්සියේ? ඇයි අරයා මුතුරාජවෙලට විරුද්ධ වුණ නිසාවත්ද?
ඔබතුමන්ලාගේ වැඩපිළිවෙළවල් ගැනත් අපේ ගමේ කට්ටඩියගේ මාත්‍රා ජපකිරිල්ල ගැනත් අපි තුළ තියෙන්නේ එකම විශ්වාසයයි...
සිරකරුවන් හට... සිරගෙවල් තුළදුරකථන භාවිතය ක්‍රියාමාර්ග ගත්තා කියලා අපි අහපු වාරගණන් නම් මතක නැහැ. හැබැයි නිතර නිතර ප්‍රවෘත්ති පලවෙනවා.. ජංගම දුරකථන හම්බවුණා කියලා... ප්‍රශ්නය කවුද බොරු කියන්නේ කියන එකයි..
මත්ද්‍රව්‍ය හිඟයක් තියෙන එක ගොඩක් හොඳයි. නමුත් මහජනයාට අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහෝමයක හිඟයක් පැවතීම තමයි ප්‍රශ්නය...
අපරාදෙ පස්ස දොරෙන් ආපහු කුඩු මුදලාලිලාටම දීලා ගාණක් කඩාගන්න තියන චාන්ස් එක නැතිවෙනවා...
පහුගිය කාලේ පුරාවටම අල්ලගත්තු ඒවා බහිරවයා ගිලින්න ඇති... නැත්නම් වාෂ්ප වෙන්න ඇති... මොන නීති ගෙනාවත් දේශපාලුවන්ගේ සහායත් ජාවාරම් කාරයින්ට ලැබෙනවා...
එතකොට දුමියා ලන්සා කීයක් හරි හොයාගන්නෙ කොහොමද?