
(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව,කාලිංගඇල ප්‍රදේශයේ පිහිටි මිරිදිය මසුන් ඇති කරන ගොවිපලක විශාල පොකුණක විසූ මත්ස්‍යයින් 15,000ක් පමණ හිටි අඩියේ මියගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අස්වැන්න නෙලාගැනීමට ආසන්න තත්වයේ පැවැති මිරිදිය මසුන් බව එම ගොවිපලේ හිමිකරුවන එච්.එන්.ඩී.ගුණසේකර මහතා පැවැසීය.
එම මත්ස්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 20ක් පමණ වන බවද හෙතෙම කීය.තම මූලික ජීවනෝපාය මාර්ගය මෙය බවත් බැංකුවලින් ණය මුදල් පවා ලබාගෙන මෙම ව්‍යාපාරයී ආරම්භකර පවත්වාගෙන ගිය බවද කීවේය.
මත්ස්‍ය පොකුණට වස වර්ගයක් මුසුවීමෙන් මෙසේ මසුන් මියයන්නට ඇතැයිද මෙය කිසිවෙකු විසින් හිතාමතා කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් වන්නට ඇතැයි තමන් සැකපහල කරන බවත් ගොවිපලේ හිමිකරු වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
අස්වනු නෙළනව කියන්නෙ හරියට ගහකින් ගෙඩි කඩනව වගේ. මේ ජීව්ත නේද ? අහෝ පව් පිං නොහඳුනන කමේ ඵල විපාක
ඔය මත්සයන්ට කව්රුවත් වීසා දැම්මේ නැත
මේක කරපු, උදවු දුන් සැම දෙනා.. මේ පොකුනේම අනේක වාරයක් ඉපිද ඉපිද මැරි මැරී ජාතියත ආහාරයක් වේවා!!!
හෙන ගහන අපරාධයක්