
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද්දේ කෝප් සහ කෝපා කාරක සභා සඳහා දේශපාලන අන්තේවාසිකයන් පත් කරගැනීමට යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද පැවසීය.
මෙතෙක් කෝප් සහ කෝපා කාරක සභාවල සභාපතිත්වයේ කටයුතු කළ මහාචාර්ය චරිත හේරත් සහ මහාචාර්ය තිස්ස විතාරණ මහත්වරුන් වත්මන් ආණ්ඩුව යටතේ කෙරෙන දූෂණ වංචා පිළිබඳව ද අවධානය යොමුකර තිබීමේ පසුබිම නොරිස්සූ ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ සමාගම මෙලෙස පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට තීරණය කර තිබෙන බව පොදු මහජන මතය බව ද පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප මහලේකම්වරයා පාර්ලිමේන්තුව හිටිහැටියේ වාරාවසාන කර මේ නටන්නට හදන නාඩගම කුමක්දැයි පොඩි ළමයෙකුට වුනත් තේරෙන බවද ඉදිරියේ දී යළි පාර්ලිමේන්තුව රැස් වූ විට කෝප් සහ කෝපා කාරක සභාවල සභාපති තනතුරු සඳහා රාජපක්ෂ පවුලේ සට්ටැඹියන් පත් කරගත්තොත් පුදුම වන්නේ නැතැයි ද කීය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
257
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1053
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබේ වාරාවසානට රංගේ ගෙන් චෝදනා