(මුදිතා දයානන්ද)
‘‘මා පාර්ලිමේන්තු ආ දවසේ සිට මෙතෙක් දුටු අසංවරම පාර්ලිමේන්තුව තමයි අද දකින්න තිබෙන්නේ. ඒ ගැන මම කණගාටු වෙනවා.‘‘ යැයි එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්රී විජිත් විජේමුණි සොයිසා මහතා අද (16) පැවසීය.
සොයිසා මහතා මෙසේ පැවසූයේ නාරාහේන්පිට ශාලිකා ක්රිඩාංගනයේදී පැවති කිරිගොවි සමුළුව අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
‘‘පාර්ලිම්න්තුව සම්බන්ධයෙන් සිංහල භාෂාවේ හොඳ වචනයක් තියෙනවා. වචනවල තේරුම් මම හොඳට දන්නවා. ඒ නිසා ඒ වචනය දැන් කියන්න බැහැ. මම පාර්ලිමේන්තු ආවේ 89 දී. එදා සිට මේ දක්වා මෙවැනි අසංවර හැසිරිමක් මම කිසිම දිනක දැක නැහැ. අද අපට තියෙන ප්රශ්නය අගමැති කවුද කියන එක නෙවෙයි.
අගමැති වෙන්න ඕන කවුද කියන එකත් නෙවෙයි. රට නිසි මගට ගැනීමයි. මම අගමැති කියන, අගමැති වෙන්න බලාපොරොත්තු වෙන සියලූ දෙනා එකතු වෙලා සභාගයක් හදලා රට ඉදිරියට ගෙනියන්න. ඊළග මැතිවරණයකදී තමන්ගේ බලය උරගා බලලා තමන්ගේ බලය ශක්තිමත් කරගන්න. රට ආපසස්ට ගෙනියන්න එපා.‘‘
COMMENTS
ඔබතුමා ඉන්න තැන පැහැදිලිව මදි
මේ ඔක්කොම ජනතාවට සේවය කරන්න වෙන්නැති මෙහෙම නාඩගම් නටන්නේ!
අනේ මේ මහත්තයෝ, අපි නොදන්නා බයිලා ගැන ඔයා අපිට කියන්න එපා.
අමමො දැන් මෙයාගෙ තියෙන සර්ධාව අයෙ බාප්පචිචි මලා කියලා කරනමක් ගහන්න කුරුමානමි අල්ලනවද කොහෙද...?
ඇයි ඇමතිතුමා අප්පච්චි මැරුණු දවස...?
හිතට එකඟව කතා කරන ඔබ හිතට එකඟව නිවැරදි තීරණයක් ගන්න. කොහොම වුනත් රාජපක්ෂලා ඔබට ඊළඟ වතාවේ පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට එන්න ඉඩ තියයි කියලා නම් හිතන්න එපා. මතකනේ පහුගිය වතාවේ ඔබට කළ දේ.
නූගත්කම තමයි මේ පෙන්වන්නේ සමහරු යුරෝපීය ඇඳුම ඇඳගෙන ගොන්නු වගේ හැසිරුණා...
මේ වගේ මහත්වරුන්ට අනුන්ගේ අසංවර කමුත් පෙනෙනවා නේද? හොඳයි හොඳයි.
සොයිසා මහත්තයා එහෙම කිව්වට තාම සිරිසේන කියන්නේ කරපු දේ හරියි කියලා. ආපු දවසේ ඉඳන් බණ කතා නම් කිව්වා...
අයුක්තියකට එරෙහිව ඉදිරියට එන්න.
කව්ද අසංවර කරේ .