IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘මැතිසබේ දුටු අසංවරම දවස අදයි’

(මුදිතා දයානන්ද)
            
‘‘මා පාර්ලිමේන්තු ආ දවසේ සිට මෙතෙක් දුටු අසංවරම පාර්ලිමේන්තුව තමයි අද දකින්න තිබෙන්නේ. ඒ ගැන මම කණගාටු වෙනවා.‘‘ යැයි එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා අද (16) පැවසීය.

සොයිසා මහතා මෙසේ පැවසූයේ නාරාහේන්පිට ශාලිකා ක‍්‍රිඩාංගනයේදී පැවති කිරිගොවි සමුළුව අමතමිනි. 

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

  ‘‘පාර්ලිම්න්තුව සම්බන්ධයෙන් සිංහල භාෂාවේ හොඳ වචනයක් තියෙනවා. වචනවල තේරුම් මම හොඳට දන්නවා. ඒ නිසා ඒ වචනය දැන් කියන්න බැහැ. මම පාර්ලිමේන්තු ආවේ 89 දී. එදා සිට මේ දක්වා මෙවැනි අසංවර හැසිරිමක් මම කිසිම දිනක දැක නැහැ.  අද අපට තියෙන ප‍්‍රශ්නය අගමැති කවුද කියන එක නෙවෙයි. 

අගමැති වෙන්න ඕන කවුද කියන එකත් නෙවෙයි. රට නිසි මගට ගැනීමයි. මම අගමැති කියන, අගමැති වෙන්න බලාපොරොත්තු වෙන සියලූ දෙනා එකතු වෙලා සභාගයක් හදලා රට ඉදිරියට ගෙනියන්න. ඊළග මැතිවරණයකදී තමන්ගේ බලය උරගා බලලා තමන්ගේ බලය ශක්තිමත් කරගන්න. රට ආපසස්ට ගෙනියන්න එපා.‘‘



අදහස් (12)

‘මැතිසබේ දුටු අසංවරම දවස අදයි’

සෙනෙවි Friday, 16 November 2018 06:13 PM

ඔබතුමා ඉන්න තැන පැහැදිලිව මදි

:       0       0

rocky Saturday, 17 November 2018 01:06 AM

මේ ඔක්කොම ජනතාවට සේවය කරන්න වෙන්නැති මෙහෙම නාඩගම් නටන්නේ!

:       0       0

disa Saturday, 17 November 2018 02:41 AM

අනේ මේ මහත්තයෝ, අපි නොදන්නා බයිලා ගැන ඔයා අපිට කියන්න එපා.

:       0       0

ගල්කටස් Saturday, 17 November 2018 02:46 AM

අමමො දැන් මෙයාගෙ තියෙන සර්ධාව අයෙ බාප්පචිචි මලා කියලා කරනමක් ගහන්න කුරුමානමි අල්ලනවද කොහෙද...?

:       0       0

Samantha Saturday, 17 November 2018 06:42 AM

ඇයි ඇමතිතුමා අප්පච්චි මැරුණු දවස...?

:       57       65

Nissanka Saturday, 17 November 2018 06:49 AM

හිතට එකඟව කතා කරන ඔබ හිතට එකඟව නිවැරදි තීරණයක් ගන්න. කොහොම වුනත් රාජපක්ෂලා ඔබට ඊළඟ වතාවේ පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට එන්න ඉඩ තියයි කියලා නම් හිතන්න එපා. මතකනේ පහුගිය වතාවේ ඔබට කළ දේ.

:       6       308

ranjith Saturday, 17 November 2018 10:30 AM

නූගත්කම තමයි මේ පෙන්වන්නේ සමහරු යුරෝපීය ඇඳුම ඇඳගෙන ගොන්නු වගේ හැසිරුණා...

:       4       84

BamunuarachchiSunday, 18 November 2018 06:02 AM

යුරෝපීය ඇඳුම ඇඳගෙන ජාතියේම මහා බැංකුව කොල්ල කාපු මිනිස්සු ඉන්න රටේ, විරුද්ධ කාරයින්ට පුටුවෙන් ගහන එක ගණන් ගතයුතු නැති වෙරි සිම්පල් වැඩක්නේ මල්ලී

:       0       0

Bamunuarachchi Saturday, 17 November 2018 12:59 PM

මේ වගේ මහත්වරුන්ට අනුන්ගේ අසංවර කමුත් පෙනෙනවා නේද? හොඳයි හොඳයි.

:       0       0

Don Saturday, 17 November 2018 02:25 PM

සොයිසා මහත්තයා එහෙම කිව්වට තාම සිරිසේන කියන්නේ කරපු දේ හරියි කියලා. ආපු දවසේ ඉඳන් බණ කතා නම් කිව්වා...

:       0       0

Shantha Saturday, 17 November 2018 03:59 PM

අයුක්තියකට එරෙහිව ඉදිරියට එන්න.

:       0       0

jaya Sunday, 18 November 2018 01:35 AM

කව්ද අසංවර කරේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31317 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13527 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site