
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සමගි ජන බලවේගය කොළඹදී ඊයේ පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය බාධා කළ බවට චෝදනා කරමින් එම පක්ෂයේ මන්ත්රීවරු පිරිසක් විරෝධතා පුවරුප්රදර්ශනය කරමින් උද්ඝෝෂණයක යෙදීම නිසා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද පෙරවරුවේ ඇතිවිය.
මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්රීවරුන් අතර බහින්බස්වීම් සිදුවනුද දැකගත හැකිවිය.
මේ උද්ඝෝෂණය නිසා සභාවේ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීමට කතානායකවරයාට දැඩි පරිශ්රමයක් දැරීමට සිදුවිය.


COMMENTS
කලබලයක් නෙමෙයි කුලප්පුවක් කියලා කියන්න ඕනේ
මේ දෙගොල්ලන්ගෙ විගඩම් දැකල අපිට එපාවෙලා තියෙන්නෙ.
පුදුම ආදරයක් නේ රටට තියෙන්නේ. තමන්ගේ වත්කම් ප්රකාශනයක් පසුගිය අවුරුදු 20-30ට දුන්න නම් බලාගන්න තිබ්බ තියෙන ආදරේ. මේ මිනිස්සු , තමන් වටේ ඉන්න මිනිස්සු රවටල, බලය ගන්න දඟලන දැඟලිල්ල. ජවිපෙ ,මෙයිට වැඩිය ප්රයෝගික වුනොත් බලය ගන්න ලැබෙයි. නැතිනම් වෙන්නේ එහ්ටත් ,මෙහෙටත් නැති 1/3,1/3 1/3 ගියපු බෙදුණු පාර්ලිමේන්තුව ක් හැදෙන එක.. සජිත් ,සජබේ කියන්නේ ඊළඟ විකල්පය නොවේ. මිනිස්සු පාරට බස්සනවන එක ලේසියෙන්ම කරන්න පුළුවන් වුනත් , රටේ මිනිස්සු ආර්ථිකය වර්ධනයට යොමු කරවන එක., හරියට වගකීම් ඉටුකරන එකට පොළඹවන්න ලේසි නැහැ. එහෙම කරන්න කිසිම දේශපාලන පක්ෂයක් සුදානමුත් නැහැ.
හවසට සොයාගත හැකියි කලබලේ තරම. අපි මෝඩයෝ නෙවෙයි
ඇන කොටා ගත්තත් අපි දැනගන්න ඕනේ නැහැ අපිට මොකෝ.
ඇත්තටම මෙහෙම විපක්ෂය ක් ද, මෙහෙම විපක්ෂ නායකයෙක් ද මේ මොහොතේ රටට ඕන. මේ මානසික ලෙඩ්ඩු ටිකට ඊලග පාර බාර දුන්නොත් දෙවි පිහිටම තමා