
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවට පැමිණෙන මැති ඇමතිවරුන් , අමුත්තන් ඇතුළු පිරිස්වලට ආහාර පාන සැපයීම සඳහා පමණක් 2020 වර්ෂයේදී රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තුවේ තොරතුරු වාර්තාවල සඳහන් වේ.
පාර්ලිමේන්තුවේ විවිධ කමිටු සඳහා පැමිණෙන රජයේ නිලධාරීන්ටද ආහාර සැපයීම පාර්ලිමේන්තුව විසින් සිදු කෙරෙන අතර ඒ සඳහා කෙරුණු වැය කිරීම්ද මෙම මුදලට ඇතුළත් වන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.
මේ අතර පාර්ලිමේන්තුවේ ආහාරපාන විවිධ දූෂණ ක්‍රියා සහ නාස්තිය හේතුවෙන් අහිමි වීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ක්‍රියාමාර්ග කිහිපයක් මෑතක සිට ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
පාර්ලිමේන්තුව නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ ගමන්මලු ඔවුන් පිටතට යන අවස්ථාවන්හිදී අහඹු ලෙස පරික්ෂා කිරීම එහි එක් පියවරක් බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
සහල් එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා පාර්ලිමේන්තුවේ ආහාරපාන පිළියෙල කිරීමද සීමා කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පවතින මිලට ඔතනත් ආහාර දෙන්න. එතකොට දූෂණයකුත් නෑ.. රටේ මිනිස්සුන්ට ඉරිසියාවක් හිතෙන්නෙත් නෑ.
කොවිඩ් නිසා දවස් කීයක් රට ලොක්ඩවුන් කළාද? දියුණු රටවල කිසිදවසක නිකන් කිසිම දෙයක් දෙන්නේ නැහැ. එවිට වනුයේ තම මුදලේ වටිනාකම තමන් විසින්ම ගණනය කර වියදම් කිරීමයි. එකී රටවල් පාර්ලිමේන්තුව තමයි මුල්ම ආදර්ශය දෙන්නේ.. මන්ත්‍රීවරුන්ට හම්බවෙන්නේ ගමන් වියදම් , ආහාර දීමනා, වගේ දීමනාවන් පමණයි. සහන මිලට කිසිවක් නැත. සහන හා ආධාර දෙනුයේ දුප්පතුන්ට පමණි.
225 න් අයෙක්ට රු 400000 යි. නරකත් නැහැ...
ගොඩක් ඒවාට බිල් දාලා ඇති. හැබැයි බඩු ඇවිත් නැතිව ඇති.
ඔය එක්කෙනෙකුට එක බැගින් කෑම පැකට් ඕඩර් කළා නම් ප්‍රශ්නය විසඳෙනවා
සියලු අදහස් හරි ඔය වැඩේ වෙන්නේ ඔතන විතරක් නොවෙයි, ලංකාවට සුදු අලියෙක් වෙච්චි පළාත් සභාව තුළත් කෙරෙනවා. පළාත් සභා දැනට නැතත්, ඒවායේ තවත් ලොක්කෙකුගේ කාර්යාලයේ සැමටම දැනුත් ඔහොම ලැබෙනවා ඇති. සොයා බලන්න..
කාලා කාලා අරගෙනත් යනවා... විලි ලැජ්ජාව කියලා දෙයක් නැද්ද මන්දා. මේ මහජන මුදල් නේද..?
පට්ටියේ 226ම මන්ද බුද්ධික වුණාට ඒ සියලුම හරකුන්ගේ ඇඟපුරාම ආමාශය විහිදී ඇති බව මෙමගින් මනාලෙස ඔප්පු වෙනවා නොවේද...?
බඩජාරීන්... මෙයාලාට නොමිලේ මගුල් ගෙයක්... මුළු රටේම මහජනයා සාගතේ.. මේ 225ම පයින් ගහලා එළවන්න වෙලාව දැන්...
මැතිසබේ අයට නම් මොකද? ඔවුන්ට නම් සුපිරි කෑම. අපිට තියෙන්නේ කන්න නෙවෙයි ලෙවකන්න තමයි. කාලා වැඩිවෙලා ශරීර කූඩුව ඇරලා ගියාට මොලේ වර්ධනය වෙලා නැහැ. වැඩි හරියක් සාමාන්‍ය දැනිමවත් නැති ගොබ්බයින්...
මහජන මුදල් කාබාසිනියා කරන නිකමුන් කිම්බුලෝ වෙලා ඉපදේවා
තණකොළ වලටත් ගිය කලක්
ඔවුන්ට සාප වෙන්න ඕනෑ මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති කරන තරමට. අවුරුද්ද ට කී දවස ද පාර්ලිමේන්තුව රැස් වෙන්නෙ, ඒ කෙත් මෙලෝ වැඩක් කරන්නේ නැ. ඕක ප්‍රයිවට් කරලා ටෙන්ඩර් කරලා දීලා ඇමතීමට සල්ලි දීලා කන්න කියන්න. කැම්පස් වල හොස්පිටල් කැන්ටින් වගේ.
ඒකනේ මුන් චීන ඌරෝ වගේ ඉන්නේ
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින දිනවල පාර්ලිමේන්තුව දිවා ආහාරය නොදිය යුතුය. අධික ජීවන වියදම නිසා නිසි ආහාර වේලක් නොලබන පුරවැසියන් ඔවුන් සිහිපත් කළ යුතුය. රජය මේ අර්බුදකාරී කාලසීමාව තුළ ලබාදෙන ආහාර තහනම් කරමින් පුහුණුවීම් ආරම්භ කළ යුතුයි.
මේ පාර්ලිමේන්තුවේ රැල හරකුන් මෙන් කෝටි ගානින් කෑම ගිල දාලා ලෝකයේ තියෙන ඔක්කොම ලෙඩ හදාගන්නවා. ඊට පස්සේ ඒවාට බෙහෙත් අරගන්න පිටරට යනවා. ඒකට යන වියදම් රුපියල් කෝටි ප්‍රකෝටි ගානක්. කිසිම උගත් කමක් නැති බොහෝ මන්ත්‍රී වරු මේ විදිහට රටටම බරක් වෙලා.
අපෝ මීට වඩා වැඩී.කැන්ටිමෙන් විතරද කන්නේ?රටේම දේවල් කනවනේ.ආදායමේ පටන් හැම දෙයක්ම කාලා ණයට ගන්න සල්ලිත් කාලා නේ තියෙන්නේ.හරි ගණන තව ගොඩක් වැඩී