IMG-LOGO

මැතිසබේ කටයුතු සීමා වීමෙන් කෝටි සීයක ලාභයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විවිධ කටයුතු සීමා වීමත් සමග වියදම් අඩුවීමෙන් රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් මේ දක්වා ඉතිරිවී (ලාභයක් ) ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ .

මෙම මුදල ඉතිරි වී ඇත්තේ පාර්ලිමේන්තු රැස්වීම් සහ පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා රැස්වීම් සීමාවීම හෝ නොපැවැත්වීම, ආහාර සැපයීම පාර්ලිමේන්තු රැස්වන දිනට පමණක් සීමා කිරීම සහ කාර්ය මණ්ඩලය සීමිතව කැඳවීම යනාදී හේතු නිසා යැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

පාර්ලිමේන්තු රැස්වීම් සීමාවීම සහ පාර්ලිමේන්තු සේවකයන් කැදවීම සීමා කිරීම නිසා විදුලිය, ජලය, ප්‍රවාහන වැනි පහසුකම්වලට වැය වන මුදල් විශාල වශයෙන් අඩු වී ඇතැයි පෙන්වා දෙන එම නිලධාරීහු මේ කාල කාලසීමාවේදී වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක නොකිරීමෙන්ද ලොකු මූල්‍ය වාසියක් සැලසී ඇති බව පෙන්වා දුන්හ.

පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා ඇතුළු කාරක සභා රැස්වීම් බොහොමයක් පසුගිය කාලයේදී රැස්වූයේද සූම් තාක්ෂණය ඔස්සේය. මේ නිසා එම රැස්වීම් සඳහා වැයවන වියදම්ද අඩුවී ඇතැයි කියති.

පාර්ලිමේන්තුවේ රැස්වීම් සඳහා තේ පැන් සහ වතුර බෝතල් සැපයීම සඳහාද වාර්ෂිකව විශාල මුදලක් වැය කෙරෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ රැස්වීම් පසුගිය කාලයේදී සතිය පුරා නොපැවතුණද අවශ්‍ය රජයේ පනත් සහ රෙගුලාසි සම්මත කිරීම සඳහා පමණක් රැස්වීම් සීමිතව පවත්වනු ලැබීය.

මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයන් පාර්ලිමේන්තු සංකීර්ණයට මේදිනවල කැද වෙන්නේද සේවා අවශ්‍යතා අනුව ඉතා සීමිතව බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

 



අදහස් (13)

මැතිසබේ කටයුතු සීමා වීමෙන් කෝටි සීයක ලාභයක්

Pubudu Friday, 17 September 2021 08:25 AM

මුදල් නාස්ති වීම පාලනය කිරීම සඳහා කරුණාකර සිතන්න සහ හොඳ අදහසක් ගන්න. එවිට අපට රට ගොඩ ගත හැකියි.

:       0       19

wicky Friday, 17 September 2021 08:26 AM

ඔච්චර ලොකුවට තියාගෙන නඩත්තු කරන්න පුලුවන් තරම් රටක් නොවේ මේක. ඒත් ඉන්න 225ට ඒක අදාල නැහැ, අපි දුක් විඳිනවා.

:       0       16

Raveendra Friday, 17 September 2021 01:55 PM

දන්සැල සෑම මසකම එක දිනකට පමණක්ම සීමා කළොත් නරකයිද..? එතකොට පින් ගොන්නුන් 225... ඒ දවසට විතරයිනේ පුන්නක්කු, තණකොළ මහජනත මුදලින් දෙන්න ඕනේ...

:       0       0

චන්දන Friday, 17 September 2021 09:23 AM

කෙතරම් සතුටුදායක පුවතක් ද. ඕක අත්‍යවශ්‍ය කාරනේකට මාස 2 විතරක්ම එක සැරයක් රැස් කරන්න.

:       0       2

lal Friday, 17 September 2021 09:26 AM

ලෝකෙන් හිඟා මෙහෙම වියදම් කරන රටක් ලොව වෙන නැතුව ඇති. මට පේනනේ 225 විතරකන් නෙමෙයි එතන ඉන්න හත්මුතු පරම්පාරවම යැපෙන්නේ එතන දේවල්වලනි.

:       0       0

Lalith M Friday, 17 September 2021 09:40 AM

ඕක අහෝසිකර මහජන ඡන්දයෙන් 25ක විතර පාලක සභාවක් පත්කර වෘත්තිකයින් ඒකට ගෙනාවා නම් ලෝකයට විහිලු සැපයීමවත් නැවතී රටේ මුදල් ඉතිරිවෙයි නේද.

:       0       0

Hitherudawa Friday, 17 September 2021 10:19 AM

මුළුමනින්ම වසා දමා තිබීමෙන් රටට විශාල මුදලක් ඉතිරි කළ හැකිය

:       0       11

චන්දිම Friday, 17 September 2021 11:01 AM

මේ සිද්ධිය මුළු සමාජයටම ගෙන යන්න කියලා මාධ්‍යට මම ඉල්ලා සිටිනවා. මොකද මේ රටේ අරපිරිමැස්මෙන් කටයුතු කිරීම කලයුතුයි කියන කාරනාව ඉතාම අඩුවෙන් සලකලා කටයුතු වෙන තැනක් තමයි ඔය පාර්ලිමේන්තුව. 225 දෙනාගේ සුව පහසුව වෙනුවෙන් කියලා නාස්ති කරන අසීමිත සම්පත් වල නිමක් නැහැ. කොටින්ම ඔය මිනිස්සු ඉන්නේ රජ වරු වගේ. අන්තිමේදී නිදහස ලබල කොච්චර කාලයක් ගියත් අපි තාමත් ඉන්නේ අනෙක් රටවලට සාපේක්ෂව බොහොම නොදියුණු තැනක.

:       0       1

බදු ගෙවන්නා Friday, 17 September 2021 11:15 AM

පාර්ලිමේන්තුව සුම් හරහා පවත්වන්න. නිකන් බොරුවට මරාගන්නට දරන මහජන මුදල් නාස්තිය අවම කරගත හැකිය.

:       0       1

කරි පුතා Friday, 17 September 2021 11:23 AM

බැලුවම ර⁣ටේ සල්ලි කාබාසිනියා වෙන්නෙ මෙතනනෙ. ඒක රටටම හූනියමක්.

:       0       1

nimal Friday, 17 September 2021 12:41 PM

ඔය ස්ථානය රෝහලක් කරන්න .වටපිටාවේ ඉඩම් අහිංසක මිනිස්සුන්ට දෙන්න .අවශ්‍යමනම් zoom මීටින් ගැන හිතන්න .නැත්නම් 25 දෙනෙකුට රස්වියහැකි කුඩා තැනකට යන්න .කන්ටේනර් පෙට්ටි ගැනත් හිතන්න .හොඳ ඉතිරියක් .පස්සේ ප්‍රගතිය අනුව ඉදිරිය බලන්න

:       0       1

mahinda Friday, 17 September 2021 02:57 PM

ඕක නම් තත්වය 225 කට අසීමිත සැප සම්පත් දෙන්න අසරණ මිනිස්සුන්ට බදුගහන එක නවත්වන්නට පුලුවනි. තව ඔය තක්කඩි රැලට දෙන ඉන්ධන, දුරකථන, නිවාස, කාර්ය මණ්ඩල, විදුලි හා ජලබිල්පත් වැනි දෑ නැවැත්වූවොත් කොතරම් ලාභයක් රටට අත්වේවිද? කණගාටුවට කාරණය කොරෝනා නොවන්නට මේ මහා අපරාධය රටට හෙලි නොවීමට තිබූ අවස්ථාවයි. මේ සත්‍ය රට දැනගන්නා විටත් මෙරට මිනිස් ජීවිත 12000 ක් පමණ රටට අහිමිවෙලා.

:       0       0

Cherril Gunawardena Friday, 17 September 2021 03:38 PM

කොහෙන් හරි ලාබයක් වෙනවනම් ඉතින් හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site