(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඝණ පූර්ණය නොමැතිවීම නිසා පාලිමේන්තුවේ කටයුතු අද (7) පස්වරුවේ විනාඩි දහයකට ඇන හිටියේය.
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා සභාවේ ඝනපූර්ණය නැතැයි මුලසුනට දැනුම් දුන්නේය .
ඒ අවස්ථාවේ මුලසුනේ සිටියේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ශණ රාජකරුණා මහතාය.
මුලසුනේ දැනුම් දීමෙන් මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනුව නාද කෙරිණ.
මේ අනුව ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පැමිණීම නිසා සභාවේ කටයුතු යළි ආරම්භ විය.
ඝනපූර්ණය නැති වන අවස්ථාවේ සභාව ආමන්ත්‍රණය කරමින් සිටියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් මහතාය.
පාර්ලිමේන්තුවදී ඊයේ විවාදයට ගැනුණේ අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු යනවා කියලා රස්තියාදු ගහනවා. අපේ සල්ලි... ඕක වහලා දාන්න...