
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල ඇතිවූ නොහික්මුණු සිද්ධීන් ගැන සොයා බලා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (8) පත්කරනු ලැබීය.
මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ සිටින්නේ අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ , ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ගයන්ත කරුණාතිලක,රවුෆ් හකීම්,විජිත හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, ආර්.එම් රංජිත් මද්දුම බණ්ඩාර එම්ඒ සුමන්තිරන් යන මහත්වරු වෙති.
මෙම කමිටුව පත් කිරීම පිළිබඳව කතානායකවරයා පාර්ලිමේන්තුවටද අද (8) පෙරවරුවේ දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු සභා ගර්භයේ සහ ඉන් පිටත පරිශ්‍රයේ පසුගිය 3 සහ 4 දිනවල සිදුවූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඒවාට ගත ගත යුතු පියවර කවරේද යන්න තීරණය කිරීම සඳහා සහ ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට හැකිවන පරිදි මෙම කමිටුව පත් කර ඇතැයිද කතානායකවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම කමිටුව එම සිද්ධීන් පිළිබඳව පුළුල්ව විමර්ශනය කිරීමෙන් පසු කතානායකවරයාට ඉතාම කෙටි කලකින් ඒ පිළිබඳ වාර්තාවක් බාරදීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
2025 නොවැම්බර් මස 21
174
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1115
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මැතිසබයේ නොමනා හැසිරීම් ගැන සොයන්න කමිටුවක්
kamal Wednesday, 08 December 2021 01:06 PM
නොමනා හැසිරීම ගැන හොඳ ඵලපුරුද්දක් තියෙන කෙනෙක් හොයාගන්න වෙයි සභාපති කමට...
ajith Wednesday, 08 December 2021 04:13 PM
මහජන මුදලින් යැපෙන නූගතුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද..?
ගමේ එකාලා Wednesday, 08 December 2021 05:30 PM
පත්කරන කමිටු අන්තිමට අකුල ගන්න තමයි සිද්ද වෙන්නේ...