IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


මැතිසබයේ කමිටු පහක මුල් පුටුවල වෙනසක්

(සුජිත් හේවාජුලිගේ)

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව ) සහ මුදල් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා පහක මුල් පුටු ළඟදීම වෙනස් වනු ඇතැයි  රජයේ ආරංචි  මාර්ගවලින් පැවසේ.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය හොබවනු ලැබුවේ මහාචාර්ය චරිත හේරත් මහතා විසිනි. රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය මහාචාර්ය තිස්ස විතාරණ මහතා හෙබවූ අතර  මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය හොබවනු ලැබුවේ නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසිනි.

මාලඹේ උසස් තාක්ෂණ ආයතනය(ස්ලිට්), ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව  සංචාරක සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක  සිදුවී ඇතැයි කියන  දූෂණ වංචා සහ අක්‍රමිකතා  සම්බන්ධයෙන් කෝප්, කෝපා  ඇතුළු කමිටු විසින්  වැදගත් තොරතුරු රැසක්  පසුගිය කාලයේදී අනාවරණය කර ගනු ලැබූ අතර  මෙම ඇතැම් විමර්ශන  සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන්ම විවිධ චෝදනා එල්ල වනු අසන්නට ලැබිණ.

ඇතැම් ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් සහ කෝපා කමිටු  විසින්  වෙනම වාර්තාද  පාර්ලිමේන්තුවට මෑත භාගයේදී  ඉදිරිපත් කරනු ලැබීය.

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා අවසන් කරනු ලැබූ අතර පාර්ලිමේන්තුවේ කමිටු කීපයක් හැරෙන්නට  කමිටු හතළිහකට ආසන්න සංඛ්‍යාවක්  මේ සමග අහෝසිවී ගියේය.

කෝප් සහ  කෝපා කමිටුවලට පසුගිය කාලයේ බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවූ ආයතන 20ක පමණ ප්‍රධානීන්  කැඳවීමට නියමිතව තිබූ අතර එම කටයුතුද කමිටු අහෝසි වීමත් සමග  ප්‍රමාද වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අහෝසිවී ගිය මෙම  කමිටු නැවත පිහිටුවිය හැක්කේ නවවැනි  පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමෙන් පසුවය. මුලින්ම තේරීම් කාරක සභාව (committee of selection) පත්කරනු ලැබිය යුතු වන අතර පාර්ලිමේන්තු  කමිටුවලට  පත් කිරීම සඳහා සාමාජිකයන් යෝජනා කරනු ලබන්නේ එම තේරීම්  කාරක සභාව විසිනි.

පාර්ලිමේන්තුවේ සැසිවාරය ජනාධිපතිවරයා විසින් අවසන් කරනු ලැබීමත් සමඟ කමිටු රැසක කටයුතු අහෝසිවී ඒවා  නැවත පත් කිරීමට සිදුවීම නිසා  එම කමිටුවල වැඩකටයුතුවලට එහිදී බාධා මතු වන බව  මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ හිටපු සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය හිමිවී තිබුණද සාමකාමී වාතාවරණයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමද ගැටළු සහගත බව  හෙතෙම  සඳහන් කළේය.



අදහස් (5)

මැතිසබයේ කමිටු පහක මුල් පුටුවල වෙනසක්

සඳුන් Saturday, 18 December 2021 10:04 AM

ඔය කුමන තරාතිරමක කෙනෙක් වුනත් අපේ සර් ගෙන් ගැලවෙන්න බැරි වෙයි ........ බැති බර බයියෙක් ගේ හීනය

:       0       11

nimelen Saturday, 18 December 2021 11:57 AM

අහු නොවෙන්න හොරකන් කරන්න විදි හොයනවා වගෙයි...

:       0       8

Rohan Saturday, 18 December 2021 12:56 PM

ඔලුව කැක්කුමට කෝට්ටේ මාරු කරලා හරි බලමු

:       0       7

සෑම් Saturday, 18 December 2021 04:41 PM

පිස්සෙකුට බලය දීලා මීට වැඩිය මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       0       9

Demuni Uduwara Sunday, 19 December 2021 03:45 AM

බළලා මල්ලෙන් එළියට පැන්නා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1573 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1367 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site