IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මැතිවරණ සඳහා වෙනමම අධිකරණයක් ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)

මැතිවරණ සඳහා පවත්නා නඩු විභාග කිරීමට වෙනමම අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව  මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා අද (14) පැවසීය.

මැතිවරණ සම්බන්ධයෙන් වන නඩු තීන්දු කඩිනම් කිරීම සඳහා මෙම පියවර ගත යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

මරදාන පිහිටි සමාජ හා සමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංජුල ගජනායක මහතා මෙසේද කීය.

‘‘පළාත් සභා අටක් මේ වනවිට විසුරුවා හැර තිබෙනවා. පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඉදිරියේදී ලැබීමට නියමිතව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳව ගන්නා කවර තීරණයක් වුවත් පිළිගැනීමට අපි බැඳී සිටිනවා.

ඡන්ද කල් නොදැමීමේ සංස්කෘතියක් අපි ඇති කර ගත යුතුයි. ඒ වෙනුවෙන් අපිත් අවස්ථා කිහිපයකදීම අධිකරණයට ගොස් තිබෙනවා. නමුත් මේවායේ තීන්දු ලබාදීම සඳහා යම්කිසි කාලයක් ගතවෙනවා.

ඒ නිසා මැතිවරණ සඳහා පවත්නා නඩු විභාග කිරීම සඳහා මේ රටේ වෙනමම අධිකරණයක් ස්ථාපිත කළ යුතුයි. යම් තීරණාත්මක මැතිවරණ පෙත්සමක් සැලකිය යුතු කලක් ප්‍රමාද වීම ඉතා අවාසනාවන්ත තත්වයක්

ජනාධිපතිවරණයට තවත් කෙටි කලක් තිබියදීම  වියදම් කිරීම අරඹා ඇත. දේශපාලන පක්ෂ මේ සඳහා දිනපතා රුපියල් මිලියන ගණන් වියදම් කිරීම අරම්භ කර තිබෙනවා.

මැතිවරණ සඳහා වැයවන අනවශ්‍ය වියදම් නතර කිරීම සඳහා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය හා පැෆ්රල් සංවිධාන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතක් හා සමාන ලේඛනයක් සකස් කර තිබෙනවා. 

මැතිවරණ කොමිසන් සභාවත්  පනත් කෙටුම්පතක් සකස් කොට ඇති අතර එය දැනටමත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් නීතිපතිවරයා වෙත ලැබී තිබෙනවා. මෙය කඩිනමින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සොරකමට විරුද්ධ දියුණු දේශපාලන සංස්කෘතියකට ලැදි දේශපාලන නායකයන්ගේ වගකීම විය යුතුයි.

මේ රටේ මැතිවරණ වියදම් ගැන දත්ත හා සංඛ්‍යා ඇත්තේ ඉතා අවම වශයෙන්. මැතිවරණ කොමිසන් සභාව වෙත රජයෙන් ලබා දෙන මුදල් පිළිබඳ නිල වාර්තා වලට අනුව ජනාධිපතිවරණය 2005, මුලු වියදම මිලියන 715 ක්, ජනාධිපතිවරණය 2010, මුලු වියදම මිලියන 1856 ක්, ජනාධිපතිවරණය 2015 මුලු වියදම මිලියන 2706 ලෙස සටහන් වෙනවා.

එළඹෙන ජනාධිපතිවරණය 2020, මුලු වියදම මිලියන 4,000 කට ආසන්න වේ. මේ මුදල් මැතිවරණ කොමිසන් සභාව නිල වශයෙන් වැය කල මුදල් පමණයි.

මෙයට අමතරව මැතිවරණ ප්‍රචාරය, ගමනාගමන , ප‍්‍රචාරක රැලි පැවැත්වීම, තම ආධාරකරුවන්ට විවිධ වරප‍්‍රසාද මෙන්ම ආහාරපාන ආදිය ලබා දීම සඳහා වැය කර ඇති මුදල බිලියන 5 කට ආසන්න විය හැකියි. මේවා පිළිබඳ කිසිඳු නිල සංඛ්‍යා ලේඛනයක් ඉදිරිපත් වන්නේ නැහැ.

මෙවර ජනාධිපතිවරණයේ බොහෝ වියදම් පිළිබඳ දිවයිනම ආවරණය වනසේ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මගින් සමීක්ෂණයක් සිදුකෙරේ. මැතිවරණය අවසන්ව මසක් ඇතුළත අදාළ වාර්තාව ජනගත කිරීමට  අපේක්ෂා කරනවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (4)

මැතිවරණ සඳහා වෙනමම අධිකරණයක් ඉල්ලයි

ලුම්බිණි Thursday, 15 August 2019 01:14 AM

මැතිවරණ සඳහා වෙනමම අධිකරණයක් දෙනවා කියන්නේ අනවශ්‍ය වියදමක්. තිබෙන උසාවි වලින් මේ නඩු වලට ප්‍රමුඛත්වයක් දීල ඇහුවම ප්‍රශ්නේ ඉවරයි.

:       0       1

Mahee Thursday, 15 August 2019 02:27 AM

ඕන තීන්දුවක් මං ලියලා දෙන්නම් කියපු වර්ගයේ නඩුකාර උත්තමයන් කීපදෙනෙකුත් ඒකට දාගම්මු.

:       0       8

මුණසිංහ Thursday, 15 August 2019 02:33 AM

ඊට කලින් ඡන්ද පැවැත්වීමට නියම කරන්න අධිකරණයක් දාන්න.

:       0       1

ගල්කටස් Thursday, 15 August 2019 03:33 AM

සාමාන්‍ය ජනතාවගේ නඩු කල් ගියාට කමක් නැහැ. ඔවුන්ගේ නඩු ඉක්මනට අහගන්න ඕනෑ. අවු 10 -15 විසඳුමක් නැතිව අැදෙන නඩු ඉක්මනට ඉවර කරන්න ක්‍රියාමාර්ගයක් ගන්න. නැතිව එක එකාට ඕනෑ විදිහට උසාවි හදන්නේ නැතිව නැත්නම් ඉස්සරහට තව තව මොනවා එ්විද දන්නේ නැහැ..

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31282 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13474 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10991 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 929 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site