IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මැතිවරණ ප්‍රතිඵල ලබාදෙන තුරු බංග්ලාදේශයේ සංවර්ධන කටයුතු නවත්වයි

 

බංග්ලාදේශ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන තුරු  කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ නොකරන ලෙස මැතිවරණ කොමිසමේ ලේකම් හෙලල් උද්දීන් අහමඩ් විසින් අගමැති ෂෙයික් හසීනා සහ අනෙකුත් ඇමතිවරුන්ට ප්‍රකාශ කර ඇත.  

ඒ අනුව රජයේ වරප්‍රසාද භුක්ති විඳින අගමැති, ඇමතිවරු, මන්ත්‍රීවරු සහ නියෝජ්‍ය නායකයන්  මැතිවරණ කාලසීමාව තුළ කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කීරීම හෝ පරිත්‍යාග කිරීම සිදු නොකරන ලෙස ලේකම්වරයා පැවසුවේය. 

එළඹෙන මහමැතිවරණය නිදහස්, සාධාරණ හා විශ්වසනීය ආකාරයකින් පැවැත්වීම අරමුණු කරගනිමින් මෙම ප්‍රකාශය නිකුත් කර ඇත.

දුර බැහැර ප්‍රදේශවල සහ දේශසීමා ආසන්නයේ සාමය සහ විනය පවත්වාගැනීම සඳහා  ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවා ඇත. 

මැතිවරණ ද්‍රව්‍ය ප්‍රවාහණයේදී විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර ඇති බව ලේකම්වරයා පැවසුවේය.


- 63226  



අදහස් (0)

මැතිවරණ ප්‍රතිඵල ලබාදෙන තුරු බංග්ලාදේශයේ සංවර්ධන කටයුතු නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 538 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1691 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site