(අනීෂා මානගේ)
මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කිරීමේ කටයුත්ත සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දකුණෙන් ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසූයේ අද(23) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවැති ජනහමුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
“මේ ප්‍රදේශවල මිනිස්සුන්ගේ ඡන්දය ලබාගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිටදී ලොරි පිටින් ගෙනත් සිමෙන්ති බෙදනවා. මෙය සම්පූර්ණයෙන් අල්ලසක්. මැතිවරණ දූෂණයක්. කොමසාරිස්වරයාට හෝ මැතිවරණ කොමිසමට පැමිණිලි කළාට කිසිම වැඩක් වෙලා නැහැ. පොලිස් නිලධාරීන් සියලු දෙනා රාජ්‍ය අණසකට යටත් කර තිබෙනවා. රාජ්‍ය සංකල්පය යටතේ මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කිරීමක් දකුණෙන් සජිත් ප්‍රේමදාස ආරම්භ කර තිබෙනවා.
අපිට පහසුම අපේක්ෂකයා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා. එතුමා කරන සිල්ලර, නීති විරෝධී වැඩ දැක්කාම ඒ තුළින්ම පොහොට්ටුවට නිකන්ම ඡන්දෙ ලැබෙනවා. තිස්සමහාරාම, බෙලිඅත්ත සහ තංගල්ල ප්‍රදේශවල අපි සංචාරය කළා. හැම ගෙදරකටම ලොරි පිටින් සිමෙන්ති බෙදනවා. මගේ ළග තිබෙනවා ලොරි රථවල අංක. මේ බෙදන සිමෙන්ති ගැන මේ ප්‍රදේශයේ සියලු දෙනාම දන්නවා. මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන විට මැතිවරණ නීතියවත් කඩන්නේ නැතුව ඒක ඉෂ්ඨ කරන්න බැරි ඇමතිවරු ඉන්න රටක ඒ ඇමැතිවරයා ජනාධිපති ධූරයට පත් කළොත් කොහොම නීති කඩාවිද?
එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයා පත්කර ගැනීම රහසක් ලෙස තියාගන්න සිදුවෙලා. ඔහු කියනවා මේ වන විට 225ම එපාවෙලා නිසා අවසාන වෙලාවේ කියන්නම් කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ අනුර කුමාර දිසානායක මහත්තයගේ උපදෙස් මතද දන්නේ නැහැ. මොකද මීට වසර තිහකට විතර ඉස්සරවෙලා මේ රටේ මිනිස්සුන්ගේ ඇට මස් ලේ නහරවලට මතවාදයක් අරගෙන ගියා. හොර පාර්ලිමේන්තුව වර්ජනය කරව් කියලා. පළවෙනියෙන් ඡන්දයට ඉදිරිපත් වන හැමට දඬුවම මරණයයි. ඡන්දෙ දෙන්න යන පළවෙනි පස් දෙනා මරණවා. එහෙම මරලා දණහිසෙන් පහළට දාලා වළලන්න කියලා නියම කළා.
අද එවැනි භීෂණයක් එවැනි ත්‍රස්තවාදයක් ලංකාව තුළ නැහැ. නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අපි බොහොම පැහැදිලිව ජයග්‍රහණය කළ හැකියි. 60%ක ජයග්‍රහණයේ ප්‍රතිශතයක් ලබා ගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහතාට. රට බේරාගත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අනෙකුත් රට පැත්තේ හිටගන්නා සියලු පක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙනවා.
ජනතාව පොදි බැඳගෙන බලාගෙන ඉන්නේ පැවැත්වෙන්නේ කුමන මැතිවරණක් වුණත් මැතිවරණය ලබා දෙන තුරුයි. පක්ෂ පාට බේදවලින් තොරව රට පාවා දෙන්නේ නැතිව, රට නැවැත ගොඩ නඟන්න පුළුවන්, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු අයට ආරක්ෂාව ලබා දෙන්න පුළුවන් තැනැත්තෙක් නායකයා විදියට පත් කිරීමයි ජනතාවගේ අපේක්ෂාව ” යැයිද මන්ත්‍රීවරයා පැවසීය.
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කිරීම සජිත් දකුණෙන් ආරම්භ කරලා ’