IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


මැතිවරණ කොමිසමේ හෙට විශේෂ සාකච්ඡාවක්

(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වයිරසය හේතුවෙන් රටතුළ මතුව ඇති ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව හෙට (16) දිනයේ  විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් එම සාකච්ඡාවට සහභාගීවීමට නියමිත  බවද  එම කොමිසමේ ප්‍රකාශකයකු පැවැසීය.

ඉදිරි මහ මැතිවරණය සඳහා කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය කෙසේ බලපාන්නේදැයි සහ එම වයිරසයෙන් ආරක්ෂා සහිතව මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන්  මෙහිදී  සාකච්ඡාවට ලක් කෙරෙන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (10)

මැතිවරණ කොමිසමේ හෙට විශේෂ සාකච්ඡාවක්

LIYANAGE Sunday, 15 March 2020 05:17 PM

කොරෝනා වයිරසය හේතුවෙන් රටතුළ මතුව ඇති ව්‍යවසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් මැතිවරණ ඉදිරි මහ මැතිවරණය කෙසේ හෝ පැවැත්වීමේ බලාපොරොත්තුව රජයට තිබෙන්නට පුළුවනි. දේශපාලකයින්ට ආරක්ෂා සහිතව ජනමාධ්‍ය මගින් ජනතාව ඇමතීමට පවා හැකිය. මැතිවරණ වේදිකා පවා නවතා දැමීමට හැකිය. නමුත් මැතිවරණයක් මේ ව්‍යවසනය දරුණුවට පැතිරෙමින් තිබෙන අවස්ථාවක ඒ ආකාරයට පැවැත්වුවහොත් පොලිම්වල සිට ඡන්දය භාවිතා කිරීමට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍යය පිළිබඳව වගකියන්නේ කවුද? COVID-19 ලෝකයේ දියුණුම ප්‍රබලම රටවලට පවා ප්‍රබල අභියෝගයක් මේ වනවිට එල්ල කරමින් තිබේ. එම රටවල සියලුම ආකාරයේ එක්රැස්වීම් පාසල්වල සිට ක්‍රීඩා උත්සව සහ නැවත දන්වන තුරු එම රටවල් නවත්වා ඇත. එම රටවල් සේවයට නොයන පුද්ගලයින් හට එම රටවලින් ගෙවීම් පවා කිරීමට එම රාජ්ජයන් මේ වනවිට සැලසුම් කොට තිබේ. මැතිවරණය පැවැත්වීම කළහොත් ලංකාවේ පුරවැසියන් හට COVID -19 පැතිරීමේ වගකීමත් රජයටම බාරගැනීමට සිදුවේ. මේ වනවිටත් ලංකාවේ සමහර නගරයන් " GHOST TOWN " බවට පත්ව ඇත. දේශපාලකයන් කෙසේවෙතත් මැතිවරණ කොමිසම සහ රටේ පූජ්‍ය පක්ෂයේ නායකවරුන් ඇතිව තිබෙන තත්වය රටේ ජනතාවට පැහැදිලි කරනු ඇති බව අපගේ විශ්වාසය වේ...

:       0       557

ranaSunday, 15 March 2020 06:41 PM

ඔයා කියන්නේ මහ නගරවල් ගැනද? ගම ගැන දැනීම ගැන දුකයිනේ...!

:       289       3

sathyapalaMonday, 16 March 2020 12:53 AM

අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ පක්ෂවල වහල්ලු... ඡන්දෙ කල් ගියොත් ගෝඨාට අවාසිවෙයි කියලා කොටසක් කොරෝනා හදාගෙන මැරෙන්න හදනවා. ඡන්දෙ කල් ගියොත් සජිත්ට පාඩුවෙයි කියලා තව කොටසක් මැරෙන්න හදනවා. දේශපාලනය හැර ඔලුවේ කිසිවක්ම නෑ. දැනට පවතින්නේ කැබිනට් මණ්ඩලය, ජනපති අගමැති ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය නිලධාරින් පමණයි. ඒ සියල්ල ගන්නා ඕනෑම තීරණයකට යටත්වීම හැර විකල්පයක් නෑ. කොරෝනා මර්ධනයෙන් පසු ජනතාව තීරණය කරාවි කවුද හරි හෝ වැරදි කියලා. ඉහත උදවිය හැර කිසිඳු පක්ෂ විපක්ෂ දේශපාලකයෙකු මේ කොරෝනා මර්ධන කටයුතුවලට සම්බන්ධ කර නොගත යුතුමයි. එය ජනතාව අතර ගැටුම් ඇති කිරීමට හේතුවකි. ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා ප්‍රාදේශීය දේශපාලකයින් මේ ක්‍රියාවලියට අත නොදැමිය යුතුමයි. අපේගම රැකගන්නට අපේ ඡන්දදායකයා රැකගැනීමට කියමින් ගොන්පාර්ට් දැමීමට කිසිවෙකුට ඉඩ නොදී ඔවුන්ටත් නිවෙස්වලට වී සිටින්නට වහාදැනුම් දෙන්න. රඟපාන පක්ෂ විපක්ෂ සියලු දේශපාලුවන් පලවා හරින්න...

:       0       3

rana Sunday, 15 March 2020 06:51 PM

මේ මහත්තයා මුහුද ගව්වක් තියා දැනටම අමුඩේ ගහලනේ නේ...! වහලෙක්ද?

:       328       6

RenukaSunday, 15 March 2020 08:12 PM

රණ මුහුද ඔබේ මිදුලටම ඇවිත් ඇත. ළිං ගෙම්බෙක් වෙන්න එපා...

:       3       1

sunil perera Sunday, 15 March 2020 07:54 PM

මේ වෙලාවේ මැතිවරණයකට යන තීරණය වෙනස් කරයි කියලා හිතනවා. මේ සමාජයේ විවේචනයට ලක් වුණු 225 තෝරන්න අපේ වටිනා මිනිස්සුන්ව බිල්ලට දීම අනුවණ ක්‍රියාවක්. ලෝකයේ දියුණු රටවල් සියලුම වැදගත් සාමූහික ක්‍රියා නවතා දමා තියෙනවා... ළඟදීම අපිටත් කෙටිකලකට හෝ විදේශීය සම්බන්ධතා වසා දමන්නට වේවි... එසේ නොවුණොත් මේ පින්බර දේශයට අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවන්ට වේවි...!!!

:       2       1

ranjith Sunday, 15 March 2020 11:12 PM

ඡන්දය පරිගණක ක්‍රමයකට තියන්න මුදල් නාස්තිය අවම කරන්න පැරණි ක්‍රමයෙන් මෙම අවස්ථාවේ ඡන්ද දායකයෝත් නිලධාරිනුත් අපහසුවට පත්වෙනවා ඡන්දෙත් පාර්ලිමේන්තු ගියත් කරන දේවල් පේනවනේ මහබැංකුව හොරකම් කල ඡන්දෙ දීලා ලැබුණු ප්‍රතිඵල ඒවා එම හොරුන්ට කොයි ආණ්ඩුවේනුත් දඬුවම් නැත..

:       1       1

mahinda Monday, 16 March 2020 01:29 AM

දේශපාලකයින්ට කොරෝනා උඩින් නොවේ මළමිනී උඩින් හරි.... ඡන්දේ ගන්න පුලුවන්ද කියලා බලන්නේ රටේ වසංගතයක් තියෙන අවස්ථාවක ජනමතය 100% නියෝජනය වෙන්නේ කොහොමද? ඉතාලියෙන් අාව බූරුවන් ටිකයි, ආණ්ඩුවේ බූරු වැඩයි නිසා ලංකාවටත් වැඩේ වෙයි වගේ පෙනෙන්නේ...

:       0       47

මුණසිංහ Monday, 16 March 2020 01:49 AM

ලංකාවට වඩා ව්‍යාප්තව ඇති ප්‍රංශයේත් මැතිවරණය තිබ්බා. යම් ආරක්ෂිත ක්‍රියා මාර්ගත් අරගෙන මැතිවරණය තියන්න...

:       55       2

vidya Monday, 16 March 2020 04:36 AM

ලෝකයේ සිටින විද්වතුන්ගේ මතය වන්නේ..., මිනිසුන්ට තම තමන්ම ආරක්ෂාව සපයාගැනීමට අවශ්‍ය බව... එම නිසා මහා ජන ඡන්දය කල් දමා මේ වෙලාවේ ලොවට ඇතිවී තිබෙන කොරෝනා ව්‍යවසනය හැකි ඉක්මණින් ලොවෙන් තුරන් කිරීමට උදව් කිරීමයි. ශ්‍රී දළදා මාලිගාවත් තාවකාලිකව මහජනයාට පැමිණීම නතර කළයුතුය... විශාල සෙනඟක් තෙරපි තෙරපී මෙම සිද්ධස්ථානයේ සිටීමෙන් රෝගය සැමෝටම බෝවීමට විශාල ඉඩකඩක් ඇත... රජයට බුද්ධිමත්ව ලෝකය සමග පණිවිඩ හුවමාරු කරගෙන නිවැරදි තීරණ ගත යුතුයි. මෙය ජීවිතයත් මරණයත් අතර සටනකි...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 198 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1061 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site