(අජිත්ලාල් ශාන්තඋදය සහ ජේ නානායක්කාර)
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරිමෙන් පසු ස්ථානමාරු කර තිබූ වෛද්‍යවරු තිදෙනාගේ මාරුවීම් අද (16) මැතිවරණ කොමිසම මැදිහත්ව අවලංගු කළ නිසා හෙට (17) මොනරාගල සහ රත්නපුර දිස්ත‍්‍රික් දෙකේ වෛද්‍ය වැඩ වර්ජනය ඇතුළු තැපැල් ඡන්ද සහතික කිරිම්වලින් ඉවත්වීම අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා පැවසීය.
ඒ අනුව මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ බී.ඩබ්.ඩබ්.එස්. දිසානායක, මාරවිල රෝහලේ වෛද්‍ය එස්.ඩී.ටී.පී.වීරසිංහ සහ හම්බෙගමුව රෝහලේ වෛද්‍ය එච්.එම්. නදේශිකා යන වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු අවලංගු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය පියවර ගත් බව ද කීය.
මැතිවරණ කොමිසමේ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා ඇතුලූ විධායක සභික නියෝජිතයන් සමග අද (16) පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවද කීවේය.
ඒ අනුව එම වෛද්‍ය ස්ථාන අවලංගු කිරීමේ ලිපි නිකුත් කළ බවද කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා ඔවුන් පෙර සිටි ස්ථානවල යළි සේවයට වාර්තා කළ යුතු බවද පැවසුවේය. මෙම ගැටලූවට විසඳුම් ලබාදී නීතිය බලාත්මක කිරීමට ක‍්‍රියා කළ මැතිවරණ කොමිසමට ස්තූතිවන්ත වන බවද ඔහු කීය.
මෙම අත්තනෝමතික වෛද්‍ය ස්ථාන මාරුව නිසා මොනරාගල දිස්ත‍්‍රික්කයේ හම්බෙගමුව රෝහලේ ද, රත්නපුර දිස්ත‍්‍රික්කයේ කොලොන්න රෝහලේද වෛද්‍ය සේවා පසුගිය 3 දා සිට අඩාලව පවතී. හෙට (17) සිට එම තත්ත්වයන් යහපත් අතට හැරනු ඇති බවද වෛද්‍ය සංගම් ලේකම්වරයා පැවසුවේය.
කොලොන්න රෝහලේ ස්ථානභාර වෛද්‍ය නිලධාරියෙකු සිටියදී හම්බෙගමුව රෝහලේ සේවය කළ එච්.එම්. නදේශ්කා වෛද්‍යවරිය ස්ථානභාර වෛද්‍ය නිලධාරිනිය ලෙස ස්ථාන මාරුකර තිබිණි. එම ස්ථානමාරුව වහා අවලංගු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි මැතිවරණ කොමිසම දුන් උපදෙස් ද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය පිළිනොගත් බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා අවධාරණය කළේය.
COMMENTS
මම හිතන්නේ නම් සෞඛ්‍ය ලේකම්වරිය ඔය මොකවත් දන්නේ නැහැ. එයාට ඉහළ බලධාරියෙකුගේ නියෝග ක්‍රියාත්මක කිරීම පමණයි නිසැකවම සිදුවන්න ඇත්තේ....
දොස්තර උන්නැහෙලා මොකෙන්ද සැනසෙන්නේ? අවසාන අවිය පළමුව ඔසවන මේ මුග්ධයන් කවදා හැදේවිද?
ඇමැතිට කඩේ යන්න ගිහින් නිකන් පල්වෙනවා. නෙවිල් ප්‍රනාන්දු රොහලට සල්ලි යවලා මේ ලේකම් මහගෙදර යනවා ළඟදීම...
අලුත්ගේ මහත්තයා කියාගන්න කෙනාගේ මුහුණ දැක්කම මතක් වෙන්නේ වෙනින් කෙනෙක්... මොකද්ද දන්නේ නැහැ දෙන්න තියෙන හොඳම පිදේනිය...?