
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිල කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කිරීම සඳහා එම කාරක සභාවේ සභාපති, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (15) ලැබිණ.
මේ අනුව එම කාරක සභාවේ නිල කාලය ලබන වසරේ ජනවාරි මස 16 වැනිදා දක්වා දීර්ඝ කෙරෙනු ඇත.
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ස්ථාපිත කෙරුණේ පාර්ලිමේන්තුව විසින් පසුගිය අප්‍රේල් මස පස් වැනිදා සම්මත කරනු ලැබූ විශේෂ යෝජනාවකට අනුවය.
මෙම කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය මැයි 17 වැනිදා පැවැත්විණ.
මුල් යෝජනාව අනුව කමිටුව මාස 06 කින් සිය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව එම කාරක සභාවේ ලේකම් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
COMMENTS