IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


මැතිවරණයක් ලබාගන්න ආණ්ඩුවට බලපෑම් කළයුතු බව ජනපති කියයි

(නාලක සංජීව දහනායක)

මෙම වසරේදී මැතිවරණයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතදී ආණ්ඩුවට අඛණ්ඩව බලපෑම් කළයුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (07)  පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ ගතයුතු යැයිද ජනාධිපතිවරයා පවසා ඇත. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

මේ වන විට ස්වාධීන රූපවාහිනී ආයතනයේ සිදුව ඇති ප‍්‍රශ්නය පිළිබඳව තමන් දැඩි අවධානය යොමුකර ඇති බවත් එම ආයතන පරිශ‍්‍රයට කැරළි මර්ධන ඒකකය කැඳවීම සම්බන්ධයෙන් තමන් විශේෂයෙන්ම විමර්ශණයක් පවත්වන බවත් ජනාධිපතිවරයා මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී පැවසූ බව සන්ධානයේ ප‍්‍රකාශකයකු පැවැසීය.

ආණ්ඩුව විසින් රාජ්‍ය ආයතන තුළ දේශපාලනික පළිගැනීම් සිදුකරන බවට මන්ත‍්‍රීවරුන් මෙහිදී ජනාධිතිවරයා දැනුවත් කර ඇත. ඒ සම්බන්ධයෙන් විස්තර තමන්ට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී ඇති අතර එම පළිගැනීම් නතර කිරීමට තමන් මැදිහත්වන බවද පවසා තිබේ.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරන අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුගේ සිත් රිදීමක් සිදුවීනම් තමන් සමාව ඉල්ලා සිටින බවත් එම ප‍්‍රකාශකයා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා ප‍්‍රකාශ නිකුත් කිරීමේදී පරිස්සම් විය යුතු බවත් කඩාකප්පල්කාරීන්ට වාසි සහගතවන ලෙස ප‍්‍රකාශ නිකුත් නොකළ යුතු බවත් විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසා තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා සහභාගී නොවූ බවද එම ප‍්‍රකාශකයා වැඩි දුරටත් පැවැසීය.   



අදහස් (26)

මැතිවරණයක් ලබාගන්න ආණ්ඩුවට බලපෑම් කළයුතු බව ජනපති කියයි

SHAN SAUDI Monday, 07 January 2019 02:41 PM

ඉතින් කොහොමද මානසික ලෙඩක් නැහැ කියලා පෙත්සම ඉවත් කර ගන්නේ?

:       458       816

sena Monday, 07 January 2019 02:41 PM

4% තියාගෙන මොන බලපෑම් කරන්නද සර්? ඕනෑ නම් ආණ්ඩුවේ කකුලෙන් අදින්න පුළුවන්.. මොකද ඔබතුමා ජනාධිපති නිසා?

:       195       366

Bamunuarachchi Monday, 07 January 2019 02:41 PM

දැන් තේරෙනවාද තමන්ට තිබුණු ජනාධිපති බලතල වෙන කෙනෙකුට දීලා ජනතාව විඳින වදේ. ඔන්න ඕවා හිතලා තමයි ජේ.ආර්. ඔය බලතල ජනාධිපති කෙනෙකුට දුන්නේ... ජේ.ආර් දිවැසින් වගේ දැක්කා රනිල් වගේ කෙනෙකු අගමැති කෙනෙක් වුනොත් රටට වෙන වින්නැහිය...

:       1873       1818

Bangomunu.Monday, 07 January 2019 03:25 PM

මෙන්න මෙතුමාට ආයෙත් රනිල් භීතිකාව වැළඳිලා. එතකොට මහින්දගෙන්, විජිත් විජයමුණි කියන විදිහට මහින්ද වටේ ඉන්න සමහර වෘකයන් සහ සුනඛයින්ගෙන් රටට වුණු හා වෙන වින්නැහි ජේ.ආර්. දිවැසින් දැක්කේ නැද්ද දන්නේ නැහැ. ජේ.ආර්. නොදැක්කත්, අපේ බමුණු මහතා හොඳින්ම දැක්කානේ නීතිවිරෝධී හොර ආණ්ඩුවෙන්ම...

:       1106       1132

SusilMonday, 07 January 2019 03:37 PM

ඇන්. ඇම්. නම් කිව්වේ ඕකේ අනිත් පැත්ත.. "පිස්සෙක් ජනාධිපති වුණොත් " කියලා...

:       392       630

Bamunage Bahubuutha BamunaaMonday, 07 January 2019 05:07 PM

අපි දැක්ක ඔක්තෝබර් 26 වෙනිදා ඉඳල රටට වෙච්ච නස්පැත්තිය සහ ලංකාව රටක් විදියට පහලට වැටුණු හැටි. තව ටිකක් කල් ඒ විදියට තිබුන නං ලෝක සිතියෙමෙන් අපිව අයින් කරනවා .

:       96       15

BamunuarachchiTuesday, 08 January 2019 09:05 AM

හලෝ ඉංග්‍රීසි කියමක් තිබෙනවා" වෙන් යූ හැව් නො බෙසිස් ෆෝ අන් ආගියුමන්ට් යූ අබියුස් ද ඔපොනන්ට්" - (සිසෙරෝ රෝමන් දේශපාලඥයෙක් නීතිඥයෙක්) තේරුමත් කියලා දෙන්නම් ඔබට ඉදිරිපත් කිරීමට පදනමක් ඇති තර්කයක් නැතිනම් ඔබ විරුද්ධවා වාදියාට බැනවැදීම, සමච්චල් කිරීම කරනවා. ඔබ 3 දෙනාටම තේරුම් ගැනීමේ ශක්තියක් තිබෙනවානම් මේ පිළිතුර හොඳටම ප්‍රමාණවත්. ඔබලා පිළිතුරක් දීමට තරම් වටිනා පුද්ගලයෝ නොවෙයි.

:       0       0

sandy123Monday, 07 January 2019 07:49 PM

මම දකින විදිහට හොදම කඩේ යාමේ ඔටුන්නට බමුණු මහත්තයා තරම් කෙනෙක් මේ රටෙත් නැහැ මේ ලොවෙත් නැහැ. අනික මම දැක්කනේ බමුණු මහත්තයාගේම අදහසක් තිබුනා එජාප විරෝධී නම් ඕනෙම දෙකට අත උස්සනවා කියලා. හරිද වැරදිද කියලා බලන්නේ නැහැ. ඇත්තටම කෝවක දාලවත් මකලා හදන්න නම් බැරිවෙනවා

:       5       37

BamunuarachchiTuesday, 08 January 2019 09:16 AM

මහත්තයෝ ප්‍රශ්නයකට ඍජු පිළිතුරු තිබෙනවා, වක්‍රව දෙන පිළිතුරු ඒ අසන්නාට ටිකකක් හිතලා අවබෝද කර ගතයුතු පිලතුරු, අනික උපහාසාත්මක පිළිතුරු, ප්‍රශ්නයකට ප්‍රශ්නයකින් දෙන පිලතුරු තිබෙනවා. ඒවා තේරුම් ගැනීමට හැකියාවක් නොමැතිනම් වාදවල පැටලෙන්න එපා. අත් දෙකම ඔසවා කැමැත්ත දෙනවා කීම උපහාසාත්ම වක්‍රපිළිතුරක් පමණයි.

:       1       0

kapTuesday, 08 January 2019 09:38 AM

බමුණු, පසුගිය ආන්ඩුවෙ කොන්තරාත් කරපු කෙනෙක්. දෑන් බිස්නස් නෑතුව ඉන්නෙ. යුඑන්පී කාරයෙක් පේන්න බෑ. කොටින් කියනවනාම්, කොල පාට කිසි දෙයක් පේන්න බෑ. වත්තෙ ගස් ටිකත් කපලා දෑම්මලු.

:       0       1

BamunuarachchiTuesday, 08 January 2019 01:04 PM

kap අනේ නැහැ මම වෘත්තිකයෙක් පමණයි. අවුරුදු 25 සිටියේ රටින් පිට. දේශපාලකයෝ හොරු බව දන්නවා එත් රටට වැඩක් කල කෙනාට මම සලකනවා. ඒකේ වැරද්දක් තිබෙනවාද?

:       0       0

BamunuarachchiTuesday, 08 January 2019 01:22 PM

kap මම සිය සැරයකට වැඩිය කියලා ඇතිනේ එජාපයින් මේ අවුරුදු 4 රටට කල සේවය කියන්න කියලා. 2005 දී මහින්ද මහතා බලයට පත් නොවුනානම් සිංහලයාගේ තත්වය මොකක්ද? මට පුළුවන් මහින්ද පාලනය කරපු අවුරුදු 8 කරපු සේවය කියන්න.

:       0       0

sandy123Tuesday, 08 January 2019 01:10 PM

බමුණු මහත්තයෝ, වාද කරන්න නම් කරුණු එමටයි. නමුත් වීණාව වයලා වගේම මෙට්ටේ තියලා වැඩක් නැහැ. මගේ කෙටි පිළිතුර ප්‍රමාණවත් කියලා හිතනවා. ඉතුරු ටික මහත්තයාම පුරවා ගන්න ඇහැකිනෙ.

:       0       0

Sapumal. Monday, 07 January 2019 03:33 PM

නොදන්නා වැඩ කරන්න ගිහිල්ලා වැටිච්ච අමාරුව අමතක වෙලා වගේ... ආයෙත් ඉල්ලගෙනම කන්න වගෙයි. මහින්ද මහත්තයවත් ආයෙත් අමාරුවේ දාන්න වගෙයි ලෑස්තිය. මේ පාර නම්, මහින්ද මහතාව අන්දවන්න බැරිවෙයි වගේ. තනියෙන්ම ඇඳගෙන තනියෙන්ම නාන්න තමයි වෙන්නේ...

:       27       156

ranjith Monday, 07 January 2019 04:13 PM

තමන්ට ඡදේ දුන්නු අයට කලගුණ සලකන විදිය

:       1       57

Jagath Leanage Monday, 07 January 2019 04:37 PM

බලයෙන් මත් වෙලා වගේ පෙන්නේ.

:       0       17

rocky Tuesday, 08 January 2019 01:13 AM

දැන් විපක්ෂ නායක කමත් ජනාධිපති බාර අරගෙනද? අනිච්චේ රටකට ගිය කල!

:       0       26

බන්දුල Tuesday, 08 January 2019 02:18 AM

ආයේ පාරක් නාගන්න වගේ සුදානම. ප්‍රශ්නේ තියෙන්නේ මෙයා විතරක් නෙමේ, රටම අවුලක් වෙන එක මෙයාගේ වැඩ නිසා. ඔච්චරම ජන්දයක් ඕනි නම් ජනාධිපතිවරනයක් තියන්න කෝ.

:       0       73

Saththaya Tuesday, 08 January 2019 02:19 AM

ඒ කියන්නේ ජනාධිපතිවරණයක් ලගදීම එනවා .

:       0       152

Saman Tuesday, 08 January 2019 02:50 AM

ඇයි, ගැසට් ගහන එක එපා වුණාද? පාර්ලිමේන්තුව විසුරුවල ජනවාරි 5 තිබ්බ ඡන්දෙට මොකද වුනේ ?

:       1       80

Sapumal. Tuesday, 08 January 2019 03:45 AM

අපට පක්ෂ පාට භේදයක් අවශ්‍ය නැහැ. පසුගිය මහා මැතිවරණයේදී මේ රටේ ජනතාව ජනවරම ලබා දුන්නේ වසර පහකටයි. ඒ නිසා සිරී, මහී ඇතුළු කල්ලි ජනවරමට පිටුපා අයුතු ලෙස තීන්දු තීරණ ගත්තා. එම තීන්දු තීරණ නීති විරෝ්‍ධී බව ගරු අධිකරණය තීන්දු කළා. එසේ තිබියදීත්,තවත් හොර උප්පරවැට්ටි අවශ්‍ය නැහැ.මේ රටේ ජනතාවට රනිල් ඇතුළු මේ රජය එපා නම්,ජනවරමට අනුව මැතිවරණය පවත්වා රනිල් ඇතුළු කට්ටිය ගෙදර යැවීමට ජනතාවට ඉඩ දිය යුතුයි.සිදුවිය යුත්තේ එය මිස සිරී මහී ඇතුළු කල්ලියේ උවමනාවට ඡන්දය ඉක්මන් කිරීම නොවේ. සිරී මහී ඇතුළු කල්ලියේ තිබුණු හොර ආණ්ඩුව නීති විරෝධී එකක් බව ජනතාව නිතරම තදින් සිහි තබා ගතයුතු කරුණක්.

:       0       0

Rohana Tuesday, 08 January 2019 06:00 AM

78 ව්‍යස්ථාවේ හිල් තමියි පෙන්නේ. තමන් බලය ලබාගත් කණ්ඩායමෙන් පිටපැනලා වෙනත් කණ්ඩායමක් බලයට ගෙන්න කරන උත්සහයක් බවයි පෙන්නේ. මින් ඉදිරියට කුමන පක්ෂයකින් හෝ පක්ෂ අපේක්ෂයෙක් මිසක් පොදු අපේක්ෂයකින්ට ජනාධිපතිවරනයේදී ඡන්දය නොදියයුතු බවට හොඳ පාඩමක් මෙයින් අපට කියාදෙනවා. හේතුව පොදු අපේක්ෂකයෙක් වන මෛත්‍රී වගේ අනිත් පැත්තට පනින අය ඉන්න නිසා. පසුගිය කාලයේ අතිවූ සියලු ගැටලුවලට හේතුව පොදු අපේක්ෂකයෙක් ජනාධිපති ධුරට පත්වීමයි.

:       0       19

ase Tuesday, 08 January 2019 06:16 AM

ජනපති තුමනි, කෙලින් කියන්න ඔබ පොහොට්ටුවේ සන්ධාන කරුවෙක්ද, පොහොට්ටුව ඔබේ සන්ධාන කරුවෙක්ද ? කෙලින් කතා කරන්න.

:       0       17

Nandalal DE SILVA - FranceTuesday, 08 January 2019 05:28 PM

මොකද ඔබ මෙවැනි ප්‍රශ්න අසා මහන්සි වෙන්නේ? ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න එයාවත් දන්නේ නැහැ! එයා දවසක එජාපයේ පිහිටෙන් උඩට මතුවෙලා මහින්ද පතුරු ගැහුවා. ශ්‍රීලනිපක්ෂය හැරදා නොගොහින් එයා ආරක්ෂා කරන බව සපථ කරලා කලකට පසුව දිනක පොහොට්ටුවට මුක්කු ගැහුවා. වසර හතරකටත් අඩු කාලයක් තුල පක්ෂ කිහිපයකට ගිය ලෝකයේ එකම ජනාධිපති හැටියට සිරිසේන උන්නැහේ ගිනස් ලෝක වාර්තා පොතටත් මෙයා රිංගනවා සත්‍යයයි!!!

:       0       0

ranjith Tuesday, 08 January 2019 07:22 AM

ජනාධිපතිතුමාටත් දැන් පොහොට්ටුවට බෙදෙන එක විතරි තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකම කරනේ

:       0       1

rocky Tuesday, 08 January 2019 01:43 PM

බමුණුට මෙන්න ප්‍රශ්නයක්, රෝමයේ හිටපු මාර්කස් ටුල්ලියස් සිසේරෝ (106 -43 ක්‍රි.පූ.) අප දන්නා තරමින් නම් ඉතා දක්ෂ කථිකයෙක්, දේශපාලනඥයෙක්, මෙන්ම දාර්ශනිකයෙක්... ඔහු පෙරකදෝරුකම් කළ බවක් නම් අපි දන්නේ නැහැ. අනිත් කාරණාව මිනිහා කතාකෙරුවේ ලතින් මිසක් ඉංග්‍රීසි භාෂාවෙන් නොවෙයි! ඔබතුමා අති පණ්ඩිතයෙක් ලෙස පෙනී හිටියත් හණමිටි බමුණු මත කර ගසාගත් ප්‍රතිගාමී කෙවට්ටයෙක්ය කියලයි මට නම් හිතෙන්නේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 632 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1036 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site