




(ශාන්ත රත්නායක)
මහ මැතිවරණයකට ඉඩ දෙන ලෙස බල කරමින් නිදහස් කලා සන්ධානය සංවිධනය කළ නිහඬ විරෝධතාවයක් අද (29) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි.





(ශාන්ත රත්නායක)
මහ මැතිවරණයකට ඉඩ දෙන ලෙස බල කරමින් නිදහස් කලා සන්ධානය සංවිධනය කළ නිහඬ විරෝධතාවයක් අද (29) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වැඩ කටයුතු කෙරෙන්න ඕනෑ එක එක්කෙනාට අවශ්‍ය ආකාරයටද? නැත්නම් ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙන ආකාරයටද? මේවත් හරියට අර දේවාලේ පොල් ගැහිලි වගේ වැඩ... එක කට්ටියක් එපා කියලා පොල් ගහනවා. අනිත් කට්ටිය ඕනෑ කියලා පොල් ගහනවා. දෙයියන්ටත් දෙයියෝ සිහිවෙන්නේ ඔය වගේ වෙලාවල්වලට තමයි.
40 වැනි යොවුන් සම්මාන උළලේදී, තරුණ කලාකරුවන් දෙදෙනෙකු දේශපාලකයින් අතින් ඔවුන්ගේ සම්මාන ලබාගැනීමට ප්‍රතික්ෂේප කිරීමට තරම් ශක්තිමත් හා සැබෑ කලාකරුවන් මේ රටේ සිටින බවට අපි සතුටු වන අතර, තම පැවැත්ම වෙනුවෙන් දේශපාලකයින් ඉදිරියේ දණනවන මේ පුහු කළහකරුවන් දැක අප කම්පා විය යුතුයි. කලාව යන්නෙහි නිසි අරුතවත් නොදැන, සමාජ කල්ලි හදාගෙන බඩ ගෝස්තරය වෙනුවෙන් කලාව පමණක් නොවේ, ආත්මයත් පාවාදෙන මෙවන් නොමේරු රැලක් සිරි ලංකාවේ කලාකරුවන් යයි කියා ගැනීමම අපට නම් ලැජ්ජාවක්. කසිකබල් ටෙලි නාට්‍යයක රඟපා පමණින් උජාරුවෙන් සිතා සිටින රූකඩ චරිත දැක අපට නම් ඇති වන්නේ කලකිරීමක්. වාසනාවකට අප රටේ තරුණ හා බාල පරම්පරාව මේ නාඩගම් කාරයින්ව ප්‍රතික්ෂේප කර තිබීම ගැන අප ජනතාවක් ලෙස සතුටු විය යුතුයි. මහලු දේශපාලන නඩය මෙන්ම මේ මහලු රූකඩ නඩයද කලාවට අපහාස නොකර වෙනත් කාර්යයක නිරත වෙනවා නම්, එය මේ රටට කරන විශාල සේවයක්...
කලාකරුවෝද? වහල්ලුද? කියලා හිතාගන්න බැරුවයි ඉන්නේ?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ, මෙගා ටෙලියක පිටපතක් වගේ දිනපතාම වෙනස් වෙන ලියවිල්ලක් කියලා වෙන්න ඇති මේ අය හිතාගෙන ඉන්නේ. මෝඩකම තමයි ඔය ප්‍රදර්ශනය කරන්නේ.
නෑ නෑ අපිට ඕනෑ නෑ..
ආ..මේ මෙයාලනෙ ඔව් ඔව් මැතිවරණයක් ඕනෙමයි..
කලාවේ වැදගත් විදියට නියුතු වෙලා අනාගතයට යමක් හරි හම්බ කරගන්නේ නැතිව දේශපාලනය කරනවා. ඊට පසුව වයසට ගිහින් හරි ලෙඩ දුක් ආපදාවකදී , රටේ මිනිස්සුන්ට සහ පවතින රජයට දොස් කියනවා, අපිට බැරි වුනාම සලකන්නේ නැහැ කියලා.
මේ ඉන්නේ කලාකාරයෝ නෙමෙයි මහින්දගේ නලාකාරයෝ සෙට් එකනේ... ඔතන ඉන්න හාදයෙක් තමයි 26 වෙනිදා රූපවාහිනියට පැනලා පිස්සු නැටුවේ...
ඉදිරිපෙළ සිටින මුහුණු ටික දැක්කාම පේනවා කොපමණ නිදහස්ද කියලා. දේශපාලකයෝ, ඒ අයගේ කොන්ත්‍රාත් කාරයින් සමග පක්ෂ විරෝධී සටන් පාට. එ්කට ගාලු මුව දොර තිබූ සාරියක් පුරා ලියා තිබූ සටන් පාට ටික... නිවැරදිව ප්‍රශ්නය හේතුවට ආමන්ත්‍රණය කර තිබුණි.
කෞශල්‍ය ප්‍රනාන්දු, චාන්දනී, සමනලී, සුජානි වැනි කලාකාරියන් පක්ෂ භේදයකින් තොරව ඉතා අගනා මහජන නියෝජනයක් කරමින් සාධාරණ දේශපාලන විසඳුමක් ඉල්ලීම් මීට වඩා අගය කළ යුතුයි. එම ව්‍යාපාරය ඉතා ඉහළින් අපි අගය කරනවා. මක්නිසාද යත් ඔවුන් රඟන කලා කෘති පවා විශිෂ්ඨ ගණයේ ඒවා වන අතර රසිකයාට රස විඳිය හැකි වැඩදායි කෘතින්ය.
ජීවතය ටෙලි නාට්‍යක් හෝ බෙයිස්කොප් හෝ ඔබලා මවන පාට පාට සිහිනයක් නොවේ, ඒ බොරු චරිත සමාජයේ රඟපාන්න බැහැ. ඒවාට වැඩිය ටිකක් හෝ ගැඹුරින් කල්පනා කරන්න, තීරණ ගන්න.
නිදහස් කලා සන්ධානයේ ඉස්සරහින්ම ඉන්න රොජර් මැතිවරණයක් ඉල්ලන්න කලින් පහුගිය දවසක රූපවාහිනියට පැනලා කරපු මැර වැඩ අපි දැක්කා. ලැජ්ජා නැද්ද මහත්තයෝ?
අනිවාර්යයෙන්ම මැතිවරණයක් තියන්න ඕනේ... ජනතාවගේ හඬට සවන් දෙන්න...
නැවත පවත්වන ඡන්දෙකින් එජාපය නැවත බලයට පැමිණියහොත් මේ අර්බුදය නැවත ඇති වෙන්නෙ නැද්ද?
අපි මේ රටේ මහජනතාව හැටියට 2015 දී අපේ ඡන්දය දීලා රජයක් පත් කලේ වසර 5 ක ටයි. අපි එහිදී කොන්දේසියක් දැම්මේ නැහැ පාර්ලිමේන්තුවේ අර්බුදයකදී වසර 3 කින් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දයක් ආයෙත් තියන්න කියාලා. අපි රජයකට බලය පැවරුවේ ඒ වසර 5 තුළ ජනතාවට රටට සේවය කරන්න කියාලයි. ඡන්දයකට බිලියන 4 ක් 5 ක් වැයවෙනවා කියාලා මැතිවරණ කොමසාරිස් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ මුදල් ගෙවන්නත් ඕනි මේ රටේ වේලක් හැර වේලක් කන දුප්පත් ජනතාව. දේශපාලකයින් ඔවුන්ගේ දේශපාලන යටි අරමුණු ඉටු කර ගන්න වසරෙන් වසර මැතිවරණ තියන්න කියාලා කෑ ගසන වෙලාවල් වලට ඡන්ද තියන්න මේ රටේ ආර්ථිකය ශක්තිමත්ද? පාර්ලිමේන්තු කාලය වසර 5 ක් නම් වසර 3 න මැතිවරණයක් මොකටද? මේ ඒ කිසිවක් හොයන්නේ නැතිව කාගේ හරි බළල් අත් වෙලා තියෙන කට්ටියක්.
කොහෙන්දෝ බස් එකක්ම පුරවාගෙන ගෙනත් දමපු කලාකරුවන් ටිකක්. සමහරුන්ට තමන් ආවේ මොකටද කියලා දන්නෙත් නැහැ... සේල්ෆි ෆොටෝ ගන්නවා. ලැජ්ජයි.
රජාගේ කට්ටිය, මොන කලාකරුවෝද?
අනේ මේ ගොල්ලන්ට කවුරුහරි රටේ ව්‍යවස්ථාව ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ... හම්බන්තොට වරායට වතුර පුරවපු දවසේ සංදර්ශනය සංවිධානය කරපු කට්ටිය ඔතැන නැද්ද?
මහින්දට කඩේ යන්න එපා ඔහොම...
කෝ මාලිනි, ගීතා, සබීතා, ජැක්සන් ඇන්තනි, රවින්ද්‍ර රන්දෙනිය, සෝමරත්න දිසානායක, සුමිත්‍රා පිරිස් සෙට් එක නැහැනේ...?
ඊළඟ මතිවරනෙනුත් එජාපය 103 යි... පොහොට්ටු ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ 102 යි. TNA 12 යි... JVP 8 යි... අාවොත් මොකද කරන්නේ? අායෙත් මැතිවරණයක්ද? ඕනෑ කරන්නේ... එකෙනුත් මෙයට ආසන්න ප්‍රතිඵලයක් අාවොත්, තවත් මැතිවරණයක්ද? මේ කලාකාරයන්ටයි, දේශපාලයන්ටයි මොකක් හරි පොඩි දැනුම් තේරුම් මදිකමක් තියනවා. අනේමන්දා මේ අයට රට පාලනය කරන්න පුළුවන්ද? අපේ රටේ අනාගතයට මොකක්ද වෙන්නේ? අනේ අපේ දරුවන්ට යන කල මොකක්ද? උන් වහල්ලු වේවි, බටහිර ජාතීන්ට හරි, මැදපෙරදිග අයට හරි, චීන්නුන්ට හරි.... දැනටත් එ්ක 50% ක් විතර වෙලයි තියෙන්නේ .
කලාව විකිණීමට ඇත. උපරිම ලංසුව සඳහා විමසන්න...