නාලක සංජීව දහනායක
පාර්ලිමේන්තු මැතිවරණයකට කැමති බව පවසන හිටපු අගමැතිවරයාම පාර්ලිමේන්තුව විසිරවීමේ තීරණයට එරෙහිව අධිකරණයට යෑම පිළිබඳව තමන් පුදුමයට පත්වන බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (4) පැවැසීය.
ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳාගත හැක්කේ මැතිවරණයක් පැවැත්වීමෙන් පමණක් යැයි ද ඔහු කීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේ ද පැවැසීය.
අගමැතිධූරයේ හා අමාත්‍ය ධූරයන් හි කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව පිළිගන්න බැරි බව මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එම තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළා. ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපණයක කිරීමේ පූර්ණ අයිතිය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් බලාපොරොත්තු වෙනවා.
හෙට (05) නැවත පාර්ලිමේන්තුව රැස්වන බව කතානායකවරයා දන්වා තිබෙනවා. පාර්ලිමේන්තුව නැවත නැවත රැස්වෙන්නේ කතානායකවරයාගේ කැළෑ නීතියට අනුවයි. සාමාන්‍ය ක‍්‍රමවේදය අනුව කතානායකවරයා තම අසුනේ අසුන් ගන්නෙත් ස්ථාවර නියෝගයන්ට අනුවයි.
නමුත් මේ කතානායකවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්නේ නැහැ. මේ නිසා පාර්ලිමේන්තුව වලංගු නොවන තත්ත්වයකට පත්වෙලා.
ඇතිවී තිබෙන මෙම අර්බුදකාරී තත්ත්වය විසඳීමට නම් වහාම මහා මැතිවරණයක් පැවැත්විය යුතුයි. තමන් පාර්ලිමේන්තු මැතිවරණයකට කැමැති බව රනිල් වික‍්‍රමසිංහ මහතා ගාල්ලේ දී කිව්වා. මම ඒ ගැන පුදුම වෙනවා. මැතිවරණයකට කැමති නම් පාර්ලිමේන්තුව විසිරවීමේ තීරණයට එරෙහිව අධිකරණයට ගියේ ඇයි ?
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ දී අද (4) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ඡායාරූප - ඉෂාන් සංජිව

COMMENTS
තමන්ට වාසියක් වෙන්වනම් කතානායක හරි බහුතර මතයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එතුමා වැඩ කරන නිසා කතානායක හොද නැහැ නිකම් යන්න මහත්තයෝ ඔබගේ බොරු සද්දය විතරියි....... දැන් රටේ ජනතාව ඔයාලට රැවටෙන්නේ නැහැ.
කවුරුත් කැමති ආණ්ඩු බලය අතේ තියාගෙන මැතිවරණෙකට යන්න. එවිට රජ්‍ය සම්පත් අවශ්‍ය විදියට පාව්ච්චි කරන්න පුළුවන්. මට නම් මේ දෙගොල්ලගෙම වෙනසක් නෑ.
මේ කිහිප දෙනෙකුට මහින්ද රාජපක්‍ෂගෙන් තොර පැවැත්මක් නැහැ. ඒ අයට තමා ආණ්ඩු බලය නැති වියරුව වැඩියෙන්ම දැනෙන්නේ.
අනේ බබාලා ටික.. මහින්ද යටතේ සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? අපි දැක්කනේ පාර්ලිමේන්තුව ඇතුලේ තිබුණු පෙරහුරුව...
මැතිතුමෝ ! ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණ තීන්දු ප්‍රකාශ කරන්නේ, ඔබතුමන්ලා කබරයාත් තලගොයා කරගෙන ආවාට ගියාට මහජනතාවගේ ඔළු විකල් වන්න කරන ප්‍රකාශ වගේ නොවෙයි නේද? ඔබතුමා ඔය කියන කැලෑ නීතිය හෙවත් පාර්ලිමේන්තු සභාගැබ තුළ පුටුවලින්, පොත්වලින්, මිරිස්කුඩුවලින් පහර දෙන නීතිය තිබෙන්නේ කොයි පැත්තේ දැයි මුළු රටේම , ලෝකයේම ජනතාව වෙත මැනවින් ඔප්පුකර හමාරයි.
මේකට තමයි කියන්නේ කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හරි.....
ඔය ඡන්ද දුෂණ මගින් දිනන්න තමයි හොර ආණ්ඩුවක් පත් කර ගත්තේ . බලය ඕන වුනේ ඒවා කරන්න . ලැජ්ජා නැතුව කතා කරනවා. එතකොට නඩු ටිකටත් ඇඩ්‍රස් නැතුව යනවා . හරි ෂෝක් .
නඩුමගට යන්නේ මැතිවරණයකට යන්න අකමැති නිසා නොවෙයි. රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව රකිනවා කියපු තමුන්නාන්සේලාම එය උල්ලංගණය කල නිසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය වුනොත් අනාගතයේ මේ රටේ නීතියක් නැතිවේවි. පලපුරුද්ද කොතෙක් තිබුණත් රට ගැන සිතන්නට අබමල් රේණුවක තරම්වත් මොළයක් ඇත්නම් ඔහොම කියන්නේ නැහැ...
මහත්තයා දිරච්ච ලණු දෙන්න කලින් කරුණාකර දන්නා කෙනෙකුගෙන් අපේ රටේ ව්‍යවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම ගැනත් අගමැති වරයෙකු පත් කිරීම ගැනත් සඳහන්ව ඇත්තේ කොහොමද කියල අහල දැනගන්නකො.
මැතිවරණයකට යන්න පාර්ලිමේන්තු යෝජනාවක් තුනෙන් දෙකක වැඩි ඡන්දෙන් සම්මත කරගන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ එහෙමයි.
මේ රට විනාශ කළේ ඔබලා...... එක එක පල් හොරුන්ගේ උවමනාවන් බලයට ගේන්න උගුර කඩාගෙන කෑ ගැහුවේ මේ අයයි...
තමුන්නාන්සේලාගේ ආණ්ඩුවක් යටතේ කවදාවත් සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු වෙන්න බැහැනේ. මහරජ අයෙත් සිල් රෙදි බෙදන ව්‍යාපාරය , ඔරලෝසු බෙදන ව්‍යාපාරය , අරලිය ගහ දන්සල පටන් ගනීවි. එතකොට කොහොමද මැතිවරණය සාධාරණ වෙන්නේ. බැඳුම්කරයට වඩා සිය දහස් ගුණයකින් මේ අය හොරකම් කලේ නැද්ද? මේ ආර්ථික පසුබෑමට මුල එය නොවේද? තමුන්නාන්සේලා කවුරුවත් බලය මිස රට ගැන හිතන ය නොවේ.
මහා මැතිවරණයකට කැමතියි කියපු රනිල් ඊට විරුද්ධව උසාවි යනවා, අගමැතිකම ලොකු නැහැ කියපු මහින්ද අගමැතිකම ඕනා කියා කියා උසාවි යනවා. ජනාධිපති ඊළඟ සැරේ ඉල්ලන්නේ කොහොමද කියා කියා හිතෙන හිතෙන විදිහට ගැසට් සෙල්ලම් දානවා. අපිටනම් මුන් ඔක්කොම තිත්ත වෙලා තියෙන්නේ. ජෝක් බල බල මාසයකටත් වඩා උන්නා. රට අරාජිකයි කියලා පිළිගන්න ජනාධිපති තාමත් කැමති නැහැ. එයාට අනුව රටේ මිනිස්සු රස්සාව කරගෙන ඉන්නවනම් ඒක තමයි හරි ක්‍රමය. එහෙනම් රටකට මොකටද ආණ්ඩුවක්. දැන්නම් මිනිස්සු බලන් ඉන්නෙත් ඡන්දයක් එනකම් තමයි. කට්ටියම හිතන් ඉන්න විදිහට බන්දේසිවල දාල මන්ත්‍රීකම් දෙන්න ආයෙත්.
අත්තෙන් අත්තට පනින කුරැල්ලා තෙමී නසීි _ ඔබලාට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැති පාටයි................ ඔබලාගේ කථාවල යටි අරමුණ ජනතාව දන්නව..
ගිහිල්ලා බේරේ වැවෙන් නාගන්න ..
මැතිවරණ තියල ඔබලා පත්කිරීමෙන් කිසිම පලයක් තිබෙනවද ඔබල පාර්ලිමේන්තු යන්නේ නැත්නම් , දැන් කරන්න තිබෙන්නේ එකම දෙයකි..... ජනාධිපතිට විරුධව දෝෂාභියෝගයක් ගෙනත් ඔහුව ගෙදර යවල වෙන ජන්ධිපතිවරයෙකු යටතේ අගමැතිවරයෙක් පත්කරගෙන රට ඉදිරියට ගෙන යන එක කරුණාකර අගමැතිකම පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත දෙන්න......
ඔය කතාවේ මැද කොටසකුත් තියෙනවා. ඒ කොටස අතහැරලා මුලයි, අගයි විතරක් කතා කරන්නේ ඇයි? ව්‍යවස්ථාව අනුව මැතිවරණය පවත්වන්නේ කොහොමද කියන කොටස හිතාමතා අත්හැරලා නේද?
අවශ්‍ය නැහැනේ... ඉස්සෙල්ලා ත්‍රස්තවාදී පනත යටතේ වැරදි කරුවන්ට දඬුවම් ලැබිය යුතුයි. ඊළඟට පළාත් සභා සහ ජනාධිපතිවරණය තැබිය යුතුයි. ජිල්මාට් දමන්න ඉඩ නොතැබිය යුතුයි .